Thursday, February 05, 2026
Follow Us
හුණුසහල් බත්

අවශ්‍ය වන්නේ

කඩෙන් මිලදී ගත් කැඩිච්ච හාල් (සුණුසහල්) හෝ බත් අග්ගලා හදලා ඉතුරු වෙන කැඩිච්ච හාල් කෝප්පයක්

ඔබේ රස පදමට ලුණු

කලටි පොල් මිටක්

 

හදන්නේ මෙහෙමයි

 

මුලින්ම හුණුසහල් ටික සෝදා සාමාන්‍ය බත් උයන ප්‍රමාණයට වඩා වතුර ටිකක් වැඩියෙන් තියා ළිපේ තබන්න. බත ඉදී බුබුළු දමා උතුරනකොට පොල් ටික කලවම් කර, ලුණු ද පදමට එකතු කර හැඳි මිටකින් හොඳින් කලවම් කරමින් පිස ගන්න. උණුවෙන්ම සැර ලුණු මිරිසක් හෝ මිරිස් මාළු හොද්දක් සමඟ රස විඳින්න.

(Tharunie)