Friday, March 27, 2026
Follow Us
බණ්ඩක්කා සලාදය

අවශ්‍ය වන්නේ

ළපටි බණ්ඩක්කා

කරල් කිහිපයක්

ලියාගත් බී ලූනු,

අමුමිරිස් හා තක්කාලි

ලුණු, ගම්මිරිස් රස පදමට

අවශ්‍ය නම් උම්බලකඩ

කැබලි

බැදීමට තෙල්

 

හදන්නේ මෙහෙමයි

බණ්ඩක්කා සෝදා කොටු හැඩයට කපා ලුණු කුඩු දමා අතගා ගන්න. තෙල් රත් වෙන්න තබා බණ්ඩක්කා ටික ගැඹුරු තෙලට දමා කොළ පාට යන්න කලින් තත්පර කිහිපයක් බැදගෙන තෙල් බේරෙන්න තියන්න. දැන් එයට ලූනු, අමුමිරිස් හා තක්කාලි එකතු කර පදමට ලුණු, ගම්මිරිස් දමා පොඩි නොවන සේ මිශ්‍ර කර කෑමට ගන්න.

(Tharunie)