Thursday, February 05, 2026
Follow Us
දැල්ලෝ ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය

දැල්ලෝ ග්‍රෑම් 500ක්

රතු ලූනූ ගෙඩි 3ක්

සුදු ලූනූ බික් 5ක් පමණ

මාළු මිරිස් ග්‍රෑම් 200ක්

තක්කාලි ලොකු ගෙඩි 3ක් පමණ

චිලී සෝස්

සේර

රම්පෙ

කරපිංචා

කෑලි මිරිස් තේ හැදි 3ක්

තෙල් ස්වල්පයක්

රස අනූව ලුණු

සාදන ක්‍රමය

දැල්ලන් සෝදා පිරිසුදු කරගෙන රවුම් කපාගන්න. එයට වතුර හා ලුණු දමා තැම්බෙන්න හරින්න. භාජනයක් ගෙන එයට අවශ්‍ය පරිදි තෙල් දමා රත් කර කාපාගත් ලූනූ, තළාගත් සුදු ලූනූ, රම්පේ, කරපිංචා, සේර දමා තෙම්පරාදු කරගන්න.

හොඳින් තෙම්පරාදු කරගත් පසු එයට තම්බාගත් දැල්ලන් එකතු කරන්න. එයටම කපගත් මාළු මිරිස්, තක්කාලි හා කෑලි මිරිස් එක් කරගන්න.

එයටම රස අනූව චිලි සෝස් හා ලුණු දමා ළිපෙන් බාගන්න පිළිගන්වන්න.

(Tharunie)