Thursday, February 05, 2026
Follow Us
කජු මිශ්‍ර හතු බැදුම

අවශ්‍ය ද්‍රව්‍ය

හතු පැකට් එකක්

කජු ග්‍රෑම් 100ක්

බිත්තරයක්

කෝන් පිටි ස්වල්පයක්

සිහින්ව කපාගත් සුදු ලූනූ, අමු ඉඟුරු තේ හැඳි 1ක්

චිලී පේස්ට් මේස හැඳි 1ක්

වතුර හෝ ස්ටොක් කෝප්ප 1 1/2ක්

සෝයා සෝස්

මේස හැඳි 1ක්

සීනි මේස හැඳි 1ක්

ලුණු තේ හැඳි 1/2ක්

කෝන් පිටි මේස හැඳි 1ක්

සාදන ක්‍රමය

හතු සෝදා වතුර මිරිකා හැර දිගැටි තීරුවලට ඉරා ගන්න. තට්ටු කරගත් බිත්තරයේ මේ හතු කැබලි දවටා ඉන්පසු කෝන් පිටි ද දවටා ගැඹුරු තෙලේ රන්වන්පැහැ

වනතුරු බැදගන්න. කජු ද ගැඹුරු තෙලේ බැදගන්න.

බඳුනකට තෙල් මේස හැඳි 2 -3ක් දමා රත්වන විට සුදු ලූනූ, ඉඟුරු තෙලට දාන්න. එය යන්තම් බැදුණු පසු චිලී පේස්ට් මේස හැඳි 2 සහ හදාගත් සෝස් මිශ්‍රණය දාන්න. මෙය උකු වූ පසු හතු සහ කජු එකතු කරගන්න.

(Tharunie)