Thursday, February 05, 2026
Follow Us
මෂ්රූම් සුප්

අවශ්‍ය ද්‍රව්‍ය

ඔලිව් තෙල්

තේ හැදි 2ක්

බටර් මේස හැදි 1ක්

සිහින්ව ලියාගත් රතුලූනු

ගෙඩි 2ක්

සිහින්ව ලියාගත් සුදු ලුනු

ස්වල්පයක්

කෑලි කපාගත් බටන්

මෂ්රූම් කෝප්ප 1ක්

පාන් පිටි මේස හැඳි 1ක්

වතුර කෝප්ප 1 1/2ක්

ලුණු හා ගම්මිරිස් රස පදමට

ෆ්‍රෙෂ් ක්‍රීම් කෝප්ප 1/4ක්

 

සාදන ක්‍රමය

පෑන් එකකට ඔලිව් තෙල් ටික දමා සිහින්ව ලියාගත් ලූනු හා සුදු ලූනු දමා තෙම්පරාදු කරගන්න. මෙයට කෑලි කරගත් මෂ්රූම් ටික දමා හොඳින් කලවම් කරමින් හැඳි ගාන්න. ලුණු හා ගම්මිරිස් රස පදමට මෙයට එක් කරගන්න.

දැන් මෙය හොඳින් කලවම් කර වසා තැම්බෙන්නට තබන්න. මෂ්රූම් ටික හොඳින් තැම්බුණු පසු එය බේරා

බ්ලෙන්ඩ්කර ගන්න. බ්ලෙන්ඩ් කරගත් මෂ්රූම් පියුරි එක නැවතත් සුප් එකට එකතු කරන්න. දැන් ෆ්‍රෙෂ් ක්‍රීම් ද එකතු කර උකුවෙන තෙක් හැඳි ගා ළිපෙන් බා පිළිගන්වන්න.

(Tharunie)