Thursday, February 05, 2026
Follow Us
රාවා හල්වා

අවශ්‍ය වන්නේ

රුලං (රාවා) කෝප්පයක්

සීනී කෝප්ප 1/2ක්

වතුර කෝප්ප 1 1/2ක්

නැවුම් කිරි (Fresh Milk)

කෝප්ප 1 1/2ක්

කුඩා කෑලි කපා ගත් කජු හා

ප්ලම්ස් ටිකක්

තළාගත් කරදමුංගු 2ක්

ගී හෝ බටර් මේස හැඳි 2ක් (ඉන්දියානු කෑම වල නියම රසය ගැනීමට නම් අනිවාර්යයෙන්ම ගී භාවිත කළ යුතුයි. ඔබට ගී නැත්නම් පමණක් බටර් පාවිච්චි කරන්න)

 

හදන්නේ මෙහෙමයි

 

මුලින්ම භාජනයකට කිරි, වතුර හා සීනී දමා හොඳින් හැන්දකින් මිශ්‍රකර අඩු ගින්දරේ ළිපේ තියා සීනී දිය වෙනකම් හැඳි ගාන්න. ඊට පස්සේ ඒක පසෙකින් තියන්න.

දැන් නොන්ස්ටික් භාජනයක් ළිපේ තියා ඒකට ගී හෝ බටර් දමා රත් කරන්න.

එයට රුලං ටික, කජු, ප්ලම්ස් හා කරදමුංගු දමා විනාඩි 10ක් පමණ අඩු ගින්දරේ හැන්දෙන් එහාට මෙහාට කරමින් තියා ගන්න.

රුලං ටික ළා දුඹුරු පාට වේගන එනකොටම කලින් රත් කරගත් කිරි මිශ්‍රණය ඒකට දමා නැවතත් හැඳි ගාන්න.

කිරි හිඳී මිශ්‍රණය ඝනකම් වෙනකොට අවශ්‍ය නම් තවත් කජු ප්ලම්ස් එකතු කර මිශ්‍ර කර ළිප ඕෆ් කරන්න. උණුවෙන්ම කෑමට ගන්න

(Tharunie)