Thursday, February 05, 2026
Follow Us
ලූනු පකෝරා

අවශ්‍ය වන්නේ

කඩල පිටි කෝප්ප 1ක්

කහ කුඩු, මසාලා පවුඩර් සහ

මිරිස් කුඩු තේ හැඳි 1/2 බැගින්

තළාගත් ඉඟුරු ටිකක්

කුඩාවට කපාගත් ලොකු බී ලූනු

ගෙඩියක් සහ අමුමිරිස් කරල් 2ක්

ලුණු ඔබේ රස පදමට

සූදුරු තේ හැඳි 1/2ක්

බැදීමට තෙල්

 

හදන්නේ මෙහෙමයි

 

මුලින්ම තෙල් තාච්චිය ළිපේ තබා තෙල් දමා රත් කරන්න. සියලුම අමුද්‍රව්‍ය ටික භාජනයකට දමා අතින් කලවම් කරන්න. දැන් එයට වතුර ටික ටික දමා පොල් රොටී හදනවා වගේ ඝනකම මිශ්‍රණයක් හදා ගන්න. මෙය අතේ නොඇලෙන පදම විය යුතුයි. (වතුර වැඩි වුණොත් තව කඩල පිටි ටිකක් එකතු කර ගන්න)

දැන් මේකෙන් කුඩා බෝල කඩාගෙන පැතලි කර රත් වූ තෙලට දමා රන්වන් පැහැ වනතුරු බැද ගන්න. (එක්වර 5ක් වගේ තෙලට දාන්න)

මෙය සෝස් වර්ගයක් සම‍ඟ රස විඳින්න පුළුවන්.

(Tharunie)