Thursday, February 05, 2026
Follow Us
රම්පෙ කොළ කැඳ

අවශ්‍ය දේවල්

රම්පෙ කොළ කිහිපයක්

සුදු කැකුළු හාල් මිටක්

ගාගත් පොල්

රස අනුව ලුණු

සුදු ලූනු බිකක්

වතුර

හදන්නේ මෙහෙමයි

 

සුදු කැකුළු හාල් මිටක් ළිපේ තියා ඒකට තළාගත් සුදු ලූනු බිකක් එක්කර බෙරි වෙන්න උයා ගන්න. පොල් කෝප්පයක් පමණ ගෙන, එයට කූඩාවට කපාගත් රම්පේ කොළ හා වතුර දමා බ්ලෙන්ඩ් කර පෙරා ගන්න. පොල්කිරි, රම්පේ කොළ මිශ්‍රණයටම බෙරි වෙන්න උයා ගත් බත් ටික දමා හොඳීන් බ්ලෙන්ඩ් කර ගන්න. විනාඩි කීපයක් ළිපේ තියා නොනවත්වාම හැඳී ගාමින් උතුරුවා පදමට ලුණු දාන්න. කැඳ උතුරුවා ගත් ගමන්ම වෙනත් භාජනයකට මාරු කරන්න. නැත්තම් කැඳවල ලස්සන කොළ පාට නැති වෙනවා.

(Tharunie)