Wednesday, February 04, 2026
Follow Us
පැණි බූන්දි

මෙන්න රෙසිපිය ගොඩක් අය අහනවනේ


අවශ්‍ය ද්‍රව්‍ය
පාන් පිටි කෝප්ප 1
කඩල පිටි කෝප්ප 1/4
බේකින් පවුඩර් තේහැඳි1
අවශ්‍ය නම් කලරින් බිංදු කීපයක්
ලුණු පිංචක්
මේ ද්‍රව්‍ය සියල්ල ම හොදින් කලවම් කරන්න
පැණි සාදා ගන්නා ආකාරය
සීනි කෝප්ප 1
වැනිලා තේ හැඳි 1
වතුර කෝප්ප 1/4
ලිපේ තබා උණු කරන්න ඇගිල්ලේ ඇලෙන පදම එනතෙක්
අනිත් මිශ්‍රණය පයිපින් බෑගයක් ආධාරයෙන් තෙල් රත් වූ විට එයට මිශ්‍රණය ටික ටික දමමින් බැද ගන්න බැදගන අයින් කරන විටම පැණි එකටම රස්නෙන්ම දමමින් කලවම් කරන්න පැණි උරාගැනීමට තබා අයින් කරන්න පැණි බූන්දි සූදානම් ???

(Facebook)