Wednesday, February 04, 2026
Follow Us
පරිප්පු සමඟ මුරුංගා කරිය

අවශ්‍ය ද්‍රව්‍ය

ළපටි මුරුංගා කරල් කිහිපයක්

පරිප්පු මිටක් පමණ

කහ කුඩු තේ හැඳි 1/2ක්

මිරිස් කුඩු තේ හැඳි 1ක්

තුනපහ කුඩු තේ හැඳි 1/2ක්

අබ ස්වල්පයක්

කපාගත් සුදුලූනූ බික් 3ක්

අමුමිරිස් කරල් 2ක්

රම්පේ හා කරපිංචා

කපාගත් තක්කාලි ගෙඩි 1ක්

තෙල් ස්වල්පයක්

වියළි මිරිස් කරල් 2ක්

දියකිරි කෝප්ප 1 1/2ක්

මිටිකිරි කෝප්ප 1ක්

සාදන ක්‍රමය

මුරුංගා සෝදලා පොතු හැර, කෑලි කපා පරිප්පු එක්ක දියකිරෙන් තැම්බෙන්න තියන්න.

මේකට කහ කුඩු, මිරිස් කුඩු, කපාගත් ලූනූවලින් ටිකක්, සුදුලූනූවලින් ටිකක්, මිරිස් කුඩු, කහ කුඩු, තුනපහ කුඩු හා රම්පේ කරපිංචා දාගන්න. හොඳට තැම්බෙන්න අරින්න.

වෙනම භාජනයකට තෙල් ටිකක් දාලා රත්වෙනකොට අබ ටික දාගන්න. මේකට චොප්කරගත් ලූනූ හා සුදුලූනූ ටිකක් හා කරපිංචා දාලා තෙම්පරාදු කරගන්න.

දැන් තම්බාගත් මුරුංගා හා පරිප්පු ටික දාලා මිටිකිරි ටික දාගන්න. රස අනුව ලුණු දාලා උතුරවගන්න.

(Tharunie)