Saturday, March 28, 2026
Follow Us
පරිප්පු සමඟ බ්‍රොකලි

අවශ්‍ය ද්‍රව්‍ය

පරිප්පු කෝප්ප 1/2 ක්

පොඩියට කපාගත් බ්‍රොකලි ග්‍රෑම් 250ක්

අබ ස්වල්පයක්

සූදුරු තේ හැඳි 1ක්

කඩාගත් වියළි මිරිස් කරල් 2ක්

කරපිංචා ඉත්තක්

කපාගත් අමුමිරිස් කරල් 2ක්

තලාගත් සුදුලූනූ බික් 2ක්

තලාගත් ලොකු ලූනූ ගෙඩි 2ක්

ලුණු රස අනූව

කහ කුඩු තේ හැඳි 1/2ක්

 

සාදන ක්‍රමය

පරිප්පු වලට වතුර දමා තම්බාගන්න. ඉන්පසු වතුර පෙරාගන්න. වෙනම පෑන් එකකට තෙල් ටිකක් දමා රත්වෙන විට අබ, සූදුරු, සුදුලූනූ, අමුමිරිස්, කරපිංචා, වියළි මිරිස් දමා තෙම්පරාදු කරන්න.

ටිකකින් ලූනූ ටිකත් දාගන්න. ලූනූ ටික තෙම්පරාදු වූ පසු බ්‍රොකලි ටික දාගන්න. කහ කුඩු හා ලුණු දාගන්න.

ඊටපස්සෙ පරිප්පු ටික දාලා කලවම් කරලා අන්තිමට චොප්කරගත් කොත්තමල්ලි කොළ ටිකක් උඩින් දාලා ළිපෙන් බාගන්න

(Tharunie)