Wednesday, June 24, 2026
Follow Us
පතෝල පරිප්පු කරිය

අවශ්‍ය ද්‍රව්‍ය

පිරිසුදු කර කපාගත් පතෝල කෝප්ප 1ක්

පරිප්පු කෝප්ප 1/2ක්

දියකිරි කෝප්ප 1ක්

මිටිකිරි කෝප්ප 1ක්

අමුතුනපහ කුඩු තේ හැඳි 1ක්

කහ කුඩු තේ හැඳි1/2ක්

කරපිංචා ස්වල්පයක්

තලාගත් රතුලූනූ ගෙඩි 2ක්

 

සාදන ක්‍රමය

පතෝල හීනියට කපාගන්න. පරිප්පු එක්ක දියකිරි දාලා ළිපේ තියන්න.

ඔයාට අමු තුනපහ කුඩු, කහ කුඩු, කරපිංචා, රතුලූනූ දාගන්න.

හොඳට තැම්බුනාම මිටිකිරි දාලා රස අනුව ලුණු එක්කර උතුරවාගන්න.

(Tharunie)