Sunday, May 05, 2024
Follow Us
ඔයත් සුදු වෙන්න ආසද?

පැහැපත් නීරෝගි සමක් පවත්වා ගැනීම සෑම කාන්තාවකගේම බලාපොරොත්තුවක්. ඉතිං පිරිපුන්, නීරෝගි ලස්සන සමක් පවත්වා ගනිමින් ගෙදරදීම සුදු වෙන හැටි අද අපි ඔබට කියලා දෙනවා.

වෙළෙඳපොළේ ඇති අහිතකර, විස සහිත රසායනික ද්‍රව්‍ය යෙදූ ක්‍රීම් වර්ග වෙනුවට අපට පුළුවන් නිවෙසේදීම සුදු වීමට අවශ්‍ය ව්චබභපචත ඕතඥචජඩඪදඨ හෙවත් ස්වභාවික සුදු වීමේ කාරකයන් සකසා ගන්න.

මෙම දචබභපචත ඡතඥචජඩඪදඨ සකස්කර ගන්නේ ස්වභාවික ද්‍රව්‍ය භාවිත කරමින් නිසා, අහිතකර ප්‍රතිඵල ඇතිවන්නේ නැහැ. එසේ සකස් කරගත හැකි ආලේපන වර්ග කිහිපයකි මේ.

* ආමන්ඩ් ඇට පැයක් පෙඟෙන්නට තබා එළකිරි සමඟ ආලේප කළ හැකියි.

* කහ පාට දොඩම් ලෙලි අව්වේ වේලා කුඩුකර එයට බිත්තර සුදු මද සහ එළකිරි කලවම්කර තලපයක් ආකාරයට සකස්කර ආලේප කළ හැකියි.

* තක්කාලි සහ කැරට් යුෂ බිත්තර සුදු මදය සහ යෝගට් සමඟ මිශ්‍රකර ආලේප කළ හැකියි.

පහත ආකාරයටද පැක් එකක් සකස්කර ගත හැකියි.

* බිත්තර සුදු මද මේස හැඳි 1යි

* සඳුන් කුඩු මේස හැඳි 1යි

* උතුරවා ගත් වතුර ස්වල්පයක්

* මී කිරි මේස හැඳි 2යි

මේ සියල්ල හොඳින් කලවම්කර තලපයක් ආකාරයෙන් සකසා ගන්න. මුහුණ, බෙල්ල ආශ්‍රිත ප්‍රදේශයේ තට්ටුවක් ලෙස තිබෙන ආකාරයට ආලේප කරගන්න. විනාඩි විස්සකට පසු, මුහුණ මත හොඳින් වියළුණු පැක් එක සාමාන්‍ය ජලයෙන් සෝදා ඉවත්කර ගන්න.

සාමාන්‍ය සම සඳහා

* බාර්ලි මේස හැඳි 1 යි

* සුදු හඳුන් කුඩු මේස හැඳි 1යි

* කොකුම් පොතු මේස හැඳි 1යි

* බිත්තර කහමද 1යි

මේ සියල්ල කලවම්කර ආලේප කරන්න.

වියළි සම සඳහා

* මී පැණි, මුං ඇට, කහ, දොඩම් යුෂ, එළකිරිවලින් කලවම්කර ආලේප කරන්න.

එසේම වියළි සම සඳහා,

* අලි ගැට පේ්‍ර මේස හැඳි 1යි

* සුදු හඳුන් මේස හැඳි 1යි

* මී පැණි තේ හැඳි 1යි

* එළකිරි මේස හැඳි 1ක් කවලම්කර ආලේප කරන්න.

මෙහිදී මුහුණ සහ බෙල්ල ප්‍රදේශයත්, අත් සහ පාදවලට ද මෙම පැක් ඔබට ඒ ආකාරයෙන්ම යෙදිය හැකියි. සම්පූර්ණ ශරීරයම ඒකාකාරී පැහැයකින් පවත්වා ගැනීම සඳහා එය ඔබට උපකාරී වනු ඇත.

ඔබේ සම අධික හිරු එළියට නිරාවරණය වීම නිසා ඇතිවන, අඳුරු ලප හෙවත් පිග්මන්ටේෂන්, සම වියපත් වීමත් සමඟ ඇතිවන ලප කැළැල් තත්ත්වයන් අවමකර ගැනීම සඳහාද අපට නිවෙසේදීම පහත ප්‍රතිකාරය සිදුකර ගත හැකියි. එයින් මුහුණේ ඇති අව පැහැති පැල්ලම් අවමකර ගනිමින්, සෞඛ්‍ය සම්පන්න සමක් පවත්වා ගත හැකියි. සමේ පෝෂණයට ද මෙම පැක් වර්ග මඟින් මනා පිටු බලයක් ලැබේ.

- Tharunie

ආලේපනය මිශ්‍ර කළ හැකි බඳුනක් තුළ, අර්තාපල් යුෂ, ලෙමන් යුෂ බින්දු කිහිපයක් සහ මී පැණි එකතු කරන්න. මිශ්‍රණය ඔබේ සමට ආලේපකර විනාඩි 15-20ක් පමණ තබා සෝදා හරින්න. අවම වශයෙන් සතියකට දෙවරක්වත් මෙම පුරුද්ද නැවත කරන්න.