Friday, May 03, 2024
Follow Us
TREATMENTS  FOR  UNDER  EYE  DARKNESS

? මම පසුගිය ලිපියෙන් කතා කළා ඇස් වටා සම අව පැහැවීමට බලපාන හේතු ගැන. මම මේ විදිහට රූපලාවණ්‍ය පිළිබද ප්‍රශ්න වලදී හේතු මුලින්ම පැහැදිලි කරන්නේ මේ හේතු වළක්වා නොගන්නා තාක් කල් ඔබේ ප්‍රශ්නය එකම තැන පල්වෙන බව ඔබට ඒත්තු ගන්වන්නටයි.


?ඉතින් මම ලෙඩේට හේතු කිව්වා වගේම ලෙඩේට ප්‍රතිකාරත් කියනවා. මේ ඇස් වටා අවපැහැ ගැන්වීම සඳහා අපට ප්‍රතිකාර වර්ග කොටස් 3ක් පමණ තිබෙනවා.
?ගෙදරදි කල හැකි ප්‍රතිකාර
?රූපලාවන්‍යාගාරයකදී කර ගත හැකි
ප්‍රතිකාර
?වෛද්‍යවරයෙක් හරහා ලබා ගත හැකි
ප්‍රතිකාර ලෙස
??අපි මුලින්ම බලමු වඩාත්ම සුදුසු සරලම ප්‍රතිකාරය ලෙස නිවසේදී කර ගත හැකි ප්‍රතිකාර මොනවද කියලා.
මෙම ප්‍රතිකාර දිනපතා කළ හැකිය සහ කළ යුතු ය.
?දෙහි යුෂ සහ පිපිඤ්ඤා යුෂ එක් කර පුළුන්
කෑල්ලක තවරා ඇස් වටා ආලේප කර
මිනිත්තු 10කින් සෝදා ඉවත් කරන්න.
?almond oil හෝ පිරිසිදු coconut oil රාත්‍රියේ
නින්දට පෙර ඇස වටා ආලේප කර පසුදා
උදෑසන සෝදා ඉවත් කරන්න.
?ඇස වටා ප්‍රමාණයට සරිලන පරිදි වට
ප්‍රමාණයක් ඇති පිපිඤ්ඤා ගෙඩියක්
ඉතාමත් තුනීයට පෙති කපා පැය භාගයක්
ශීතකරණයේ තබා ඇස් මත තබා ගෙන
සිටින්න.
?රෝස වතුර පුලුන් කෑල්ලක පොඟවා ඇස්
මත තබා ගෙන සිටින්න. ඔබ නිවසේදී
සාදාගන්නා රෝස වතුර වඩාත් සුදුසුය.
?තක්කාලි යුෂද ඒ ආකාරයෙන් ම පාවිච්චි
කළ හැක. එමෙන් ම තක්කාලි යුෂ දෙහි යුෂ
සමඟ මිශ්‍රකර ලුනු බිඳක් දමා හැදූ
සැනින්ම බීමට ගන්න. මෙය දිනපතා බීම
මගින් ඔබේ සමේ පැහැපත් බව වැඩි කර
ගත හැකියි.
?අර්තපල් අල grate කර හෝ බ්ලෙන්ඩර්
කර යුෂ හදාගෙන පුළුන් වල පොඟවා දෑස්
මත තබා ගන්න.
?පාවිච්චි කල ග්‍රීන් ටී හෝ බ්ලැක් ටී බෑග් පැය
භාගයක් පමණ ශීතකරණයේ තබා ඉන්පසු
ඇස් මත තබාගෙන සිටින්න.
?මෙම ප්‍රතිකාර දිනපතා කළ යුතු අතර මෙම ආලේපන ගැල් වූ විට ඔබේ ඇස් වටා ක්ෂණික දැවිල්ලක් ඇතිවීම ස්වභාවික නමුත් එම දැවිල්ල දිගටම පවතී නම් ප්‍රතිකාරය නවත්වන්න.
? මෙම ප්‍රතිකාර වලින් ඔබට පහසුම ප්‍රතිකාරය දිගටම කිරීමට තෝරා ගන්න. මේවා මිනිත්තු පහළවක් පමණ ඇස් වටා ප්‍රදේශයේ ගල්වා තැබීම ප්‍රමාණවත් ය නිවසේදී කරන ප්‍රතිකාර සංකීර්ණ වූ විට ඒවා ඔබට ඉක්මනින්ම එපා විය හැකි නිසා සරල ප්‍රතිකාර වලට යොමු වන්න.
?ඔබ කිරි දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් නම් ඔබට සුදුසුම ප්‍රතිකාරය මව්කිරි ආලේප කිරීමයි
?? රූපලාවන්‍යාගාර වලදී ඇස් වටා සම පිරිසිදු කර ඒ සඳහාම නිපදවූ ක්‍රීම් එකක් ආධාරයෙන් සම්බාහනය කර ඇස වටා සමට යෝග්‍ය වූ පැක් එකක් දමනවා. ඉන්පසු high frequency ප්‍රතිකාරය ද ලබා දෙනවා. මේ සතියකට සැරයක් කලයුතු ප්‍රතිකාරයක් වන අතර එක දිගට කිරීමෙන් ඉහල ප්‍රතිඵල අත්කර ගත හැකිය.
?මෙහිදී ඔබ පළපුරුදු රූපලාවන්‍ය ශිල්පිනියක් තෝරා ගැනීමට වග වග බලා ගත යුතුයි. ඔබේ රූපලාවණ්‍ය ශිල්පිනිය ඔබට නිවසේදී ගෑ යුතු ක්‍රීම් සහ පැක් පිළිබඳව දැනීමක් ලබා දෙනු ඇත. එම ආලේපන මේ සදහා විශේෂිතවම නිපදවා තිබෙන නිසා නිසි විදිහට පාවිච්චියෙන් ප්‍රතිඵල ඉක්මන් වෙයි.
??අංක තුන ලෙස මම වෛද්‍ය ප්‍රතිකාර සදහන් කලා. සමේ රෝග විශේෂඥ වෛද්‍යවරයකුට මෙය පෙන්විය යුතු අතර මුලින්ම ඔවුන් ආලේපන වර්ග වලින් මෙය හොඳ කිරීමට උත්සාහ දරනවා.
?එසේ නොමැති වුව හොත් සායනික ප්‍රතිකාර ලෙස glycolic acid හෝ lactic acid භාවිතා කර කරන chemical peeling , laser treatment, jet peel හෝ PRP treatment ලබාගත හැකියි.
? මෙම ප්‍රතිකාර පිළිබඳව ඔබේ සමේ රෝග විශේෂඥ වෛද්‍ය වරයාගෙන් විස්තර අසා දැනගන්න මේවා ඉතා ආරක්ෂාකාරී ප්‍රතිකාර වන අතර තෝරාගන්නා වෛද්‍යවරයාගේ දක්ෂතාවය ඔබ තීරණය කළ යුතුයි.

(Beauty Secrets with Rapunzel)