Thursday, January 08, 2026
Follow Us
නිය මතට මල් සිත්තම්

නිල් පැහැයේ පරාසයන් නිය මත ගල්වා ඒ මතට වසන්තය සිහිගන්වන මල් සිත්තම් කළ අපූරු නිය රටාවකි. ඔබත් නිල් පැහැය නිය මතට ගල්වන්නට සිතනවා නම් මේ මල් රටාවත් ඒ සඳහා ඔබටම සිත්තම් කරගත හැකියි.

මෙවැනි සරල රටාවක් උත්සව අවස්ථාවකට නිය හැඩකරන්නත් කදිමයි.

ලයිට් බ්ලූ, ස්කයි බ්ලූ, පෙරිවින්කල් බ්ලූ සහ ඩාක් බ්ලූ යන නිල් පැහැයන්ගේ කි්‍යූටෙක්ස් මේ සඳහා තෝරාගන්න. ඊට අමතරව ඩොට් තබන්නට ටූත් පික් එකක් අවශ්‍ය වේ.

දෑත සහ නිය සෝදා හොඳින් වියළා බේස්කෝට් ආලේප කරන්න. එය වියැළුණු පසු නිය මත මාරුවෙන් මාරුවට පෙරිවින්කල් බ්ලූ, ලයිට් බුලූ හා ස්කයි බ්ලූ වර්ණ ගල්වන්න.

ඒවා වියැළුණු පසු ලයිට් බ්ලූවලින් තරමක් ලොකුවට පෙති පහකට ටූත් පික් එකේ උල් නැති පැත්ත භාවිතයෙන් ඩොට් තබන්න. එය වියැළුණු පසු එයට තරමක් තද පැහැයේ නිල්වලින් පළමුව තැබූ ඩොට්වලට වඩා කුඩා ඩොට් පහක් පළමු ඩොට් මත තබන්න. එය වියැළුණු පසු මැදට තද නිල් (ඩාක් බ්ලූ) වර්ණයෙන් ඩොට් එකක් තබන්න. මේ නිය මෝස්තරය දෙස බැලීමෙන් එය වඩාත් හොඳින් පැහැදිලි වේවි.

(Tharunie)