දැනන් හිටියා කවදාක හරි
මෙහෙම දවසක් එයි කියා...
දුකක් කදුලක් නොදි හැදුවෙම
මගෙ තුරුලේ කල් අඩු නිසා..
ගලවා හෙරළිය මදුලෙන් මදුල
අමතක නැතිව සුද්දකර ගෙඩිය
කොහොල්ලෑ ඇලී අත්වල එහෙම
තෙලේ බලෙන් මැකිලා ගිය උඩින
දුවක් ඉන්න හැම අම්මෙක් - මේක හොඳින් හිතට ගන්න..
ගහල බැනල හිත රිදවල- එපා ඇයට කඳුළු දෙන්න..
වැදුම් ගෙයි විලිරුදාව හැදෙන්නෙ එකම විදිහට තමයි...දුව ,පුතා කියා නම් වෙනසක්ම නෑ හැබැයි...පවක් නම් මව් කුසින් දියණියක් බිහි කරත්...පිරිමියෙක් වදන්නට අවැසිමයි යෝනියක්......
හිරු නොබසිනා අධිරදයක කිරුළ ලද...
රැජිණම වහං කෙරුවත් හිස වැටෙන පොද...
ජාතික ධනය සදනා සිඟමනම යැද...
උතුමන් එදත් එහෙමයි වාගේම අද....?
(සේයාව මුහුණු පොතෙන්)
----------------------------------------------------
මූසිලම වැසි කඩු කිනිසි වගෙ පොළව පලු පලු කැපුවා..
රටකජුත් මට අරන් එනකන් තාත්තව මඟ බැලුවා..
කාලකන්නිම වචන ටික මගෙ ජීවිතේ මං ඇහුවා..
තාත්තාව මඟ මැරී වැටිලැයි ගමේ කොල්ලෙක් කිවුවා..
"අම්මි කවදද පඩි ලැබෙන්නේ
තව ගොඩක් කල් තියද ඒකට
මේ සැරේ අර ප්ලේන් එක මට
ගෙනත් දෙනවද සල්ලි ලැබුණම "
හිත ගෙදර තියා
පපුව පිච්චි පිච්චි
නුඹෙ සුවද තුරුලු කරන්
ලෝකෙටම හොරා අඩ අඩ
වැඩට දුවන
අම්මා මමය..............
ඉඳ හිටල වත් උඹේ දිග කොන්ඩේ වනා පන්
ඇහට කිති කැවෙන්නට සිරික්කිය දමා පන්
තරහටම නෙමෙයි බන් ඉඟ සුගත් ගස්ස පන්
මට තාම වයස නෑ අවුස්සල බලාපන්....
Page 29 of 50