Monday, January 12, 2026
Follow Us
වියදම් කපමු...!

සිරිලක දේ සිරි සැපදේ කියල
කියුව නිසා...


දිරිය ලඳුන් අගයන බව රේඩියොවෙන් අසා...
විරිය වඩා සැකසුවාලු හැම පැත්තම වසා...
"සිරියාවයි !" කියවගන්න
නැතිව නේක දොසා...
ඕන නිසා පරිස්සමත්, පරණ
ඇඳුම කපා...
ගාණට මිමි මැනල මසා
අලස බවක් නොපා...
චීන කුඩය ගැලපෙන ලෙස
සකස ඔමරි පපා...
පාන සිනා ගෙනෙයි දුකින්
සිටින සිතට සැපා...
ලක ඉදිරියෙ ඇති පුරස්න
දින දින වැඩි වෙතේ...
එක අතකින් වාසි ගොඩයි වියදමක්ද නැතේ...
සකසුරුවම ඇවසි කලෙක ඉතුරුවක්ද ඇතේ...
නෙක පාටින් විසිතුරු කර
ගැනුම ඔබගෙ අතේ...
දක්ෂිණි සාවිත්‍රි ප්‍රනාන්දු ද සිල්වා