Monday, January 12, 2026
Follow Us
කරදර කරන්න එපා අම්මට මහන්සි හොඳටම

"කරදර කරන්න එපා අම්මට
මහන්සි හොඳටම


නිදාගන්න ඉක්මනට
නැගිටින්න තියෙනවා උදෙන්ම
හෝම් වර්ක් කළා නම් කලින්
රෑ වෙන්නෙ නෑ මෙච්චර
බත් කන්නත් බෑ තනියම
ඔයා දැන් ලොකුයි
පුරුදු වෙන්න ටික ටික
ඔෆිස් එකේ වැඩ ගොඩයි
ගෙදර ආවත් වැඩ
ඔළුව රිදෙනවා හොඳටම
තවත් කරදර නොදී
නිදාගන්න දැන්මම
ඒ මදිවට නින්ද යනකල්
තනි රකින්නත් ඕනා මම..."
බෙඩ් ටයිම් සුරඟන කතා වෙනුවට
අසා හිඳ මගේ රොස් බස
කඳුළු පිරි සිඟිති දෙනෙතක්
නිහඬ නින්දට වැටිණි...
සුළු මොහොතකින්
සිඟිති අතකින්
ම'හිස පිරිමැදෙනු දැනී
නොනවතින කඳුළු ගඟ
මගේ කොට්ටෙට වැටිණි...
~ රුවනි සිසිජා ~