Sunday, August 30, 2026
Follow Us
බැරැක්කෙන්

බැරැක්කෙන් පැනපන් අපේ පැත්තට..
නුඹලාට කිව්වාම..


ගෙදර කිරි සප්පයන් මැවි මැවී පෙනුනාම..
ලෙඩ ඇඳේ අම්මාට බෙහෙත් කෝ හිතුනාම..
භූමිතෙල් පෝලිමේ ඉන්න ඈ ..
තවත් බෑ කිව්වාම..
අද රෑත් අගුපිලේ නිදාගෙන ..
දෙදවසක් අදිනවද එක දිගට රස්සාව..
ඉවසපන් තව ටිකක් ..
අපිත් ඉන්නව මෙහෙම ..
එක දිනක් එනවමයි ඔක්කෝම හිටගන්න ..
එදවසට එක්වෙයන් පර හැ ත්ත පන්නන්න..