Monday, January 12, 2026
Follow Us
දුවෙක් ගැන බණක් ඇසූ අම්මෙකුට මෙහෙම හිතුනලු....

වැදුම් ගෙයි විලිරුදාව හැදෙන්නෙ එකම විදිහට තමයි...දුව ,පුතා කියා නම් වෙනසක්ම නෑ හැබැයි...පවක් නම් මව් කුසින් දියණියක් බිහි කරත්...පිරිමියෙක් වදන්නට අවැසිමයි යෝනියක්......


දියණියක් කියන්නෙම
අම්මෙකුට හීනයක්...
පරිස්සමටම රකින
සිනිඳු පෙති පිරි මලක්
උහුල ගන්නට බැරිම
හදවතට මහ බරක්
මතක් වෙද්දිත් දැවෙන
ගින්දරක් වගෙ දෙයක්.....
අප්පෙකුට හැමදාම
දුවෙක් පිණි බිංදුවක්
පපුතුරේ හොවාගෙන
රකින මල් හීනයක්
සනුහරේ උන් නමට
කෙල්ල අභිමානයක්
ලෝකයක් මවන්නට
ඒකි සුර දූතියක්......
අම්මෙකුට කලින් ඈ
කාගෙ හරි දියණියක්
උත්තුංග පිරිමින්ට
උපත දෙන දෙවඟනක්
ගිනි ගන්න තැන් වලදි
ඇය තියුණු අසිපතක්
නිවෙන්නට ,දැවෙන්නට
මැවූ ගිනි පුළීඟුවක්.......
කිසා ?
(මලක් නැති සිටු මැදුර....එළිය නැති සිර ගෙයක්....දුවෙක් වදනා එකම...අම්මෙකුට හීනයක්....❤️)