******************************
විජේපාල නැගිටපං
පළිඟු මැණිකෙට
ඔච්චමක් කරන්නට.
අර දැරිවියො දෙන්න
මග එනව ඇති දැන් .
ගනිං බයිසිකලේ
මගට ගිහින්
"දරුවන් මල් වගේද?
නෑ...දරුවන් වතුර වගේ....
ඔබ දාන භාජනයේ හැඩය අනුව ඔවුන්ගේ හැඩය වෙනස් වෙනවා....
ඔබ දාන වර්ණක අනුව ඔවුන්ගේ පාට වෙනස් වෙනවා....
ඔබ මුසුකරන දේ අනුව ඔවුගේ ගුණ සුවද වෙනස් වෙනවා...."
නැඟිටපන් මං තමයි ආදරේ කුමර
බොට වඩා දන්නවා ගෑනුන්ගෙ කඳුළ
අවැසි තැන උණුහුමට හාදුවක් විතර
ගෑනු හිත් පැතුවෙ නෑ සුරඅන්ත යතුර..
ඔව් මහත්තයෝ ඔය තමයි
එහේට යන පාර
ටිකක් දුර ගියාම
අහුවෙයි පාළු අම්බලම
එතනින් හැරිලා ගියාමයි
අහුවෙන්නෙ වැලි පාර
එතන සුදු කොඩියක් ඇති
ඒ තමයි මළ ගෙදර
වාහනෙන් යන්න බෑ මහත්තයෝ
තියෙන්නේ අඩි පාර
ගුරුතුමී කියු නිසා නොලියාම ඉන්න බෑ
අම්මා ගැන කිසි දෙයක් මං තාම දන්නෙ නෑ
කුඩම්මා ගැන මිසක් ලියන්නට දෙයක් නෑ
සඳ හැංඟි ගියාමුත් තනි තරුව මැකුණෙ නෑ...
ආත්මාර්තයෙන් හැමදාම
අපි අපේ තැන හොයද්දි
අම්මල වෙලා අක්කල වෙලා
නංගිල වෙලා බිරිඳක් වෙලා
වුන් හැමදාම වෙහෙසුනා
මේ බත් එක හරි රහයි
එකමත් එක ඉස්සර දවසක
පුංචි පංතියේ පුංචි යෙහෙළියන්
එක්ව එකතු වී කා හැටි මතකයි
Page 28 of 50