Tuesday, May 06, 2025
Follow Us
Poems
අකුලට වෙලා
සිත සක්මන් කරන රඟේ...
කුකුලට ඉතින්
කොයි කොටුවත් උගෙම වගේ...

Poems
නිසොල්මන් වී ඉන්නවා අද
ඇස් පියා ගුවනම බලන්
වාවන්නේ නෑ හිත මගේ දැන්
බලන් ඉන්නට බෑ දරන්

Poems
මැටිගෙයි පිලට බර වී ගෙවු හවස්වරු
තුන් තේරවිලි ද ඇහුනෙම ජන ගී මියුරු
රැහැයියනුත් ඒ තාලෙට හඬ නගපු
ගෙවු කාලෙ මට නොහැකියි මිළ කරනු..

Poems
ලිස්සා වැටෙයි
ඇස් අඳුරේ අතගාන...
ගස්සා බලයි
තිසරුන් යන්නට පීන...
රස්සා කරන්නට බෑ

Poems
රෑ කරුවලේ පරිසරයම නිදිගත් නිස්කලංක
සුන්දර වෙලාවක...
බාහිර ලෝකයේ කිසිම චංචල රළු අරමුණක්
නැති වෙලාවක....

Poems
සුපෙම්බර පෙම්වත...
අහිමි පෙමට පෙම් බැදි..
අසම්මතයට පෙමින් වෙලී
තවමත් මා ලයේ ඉන්නා

Poems
දාව මුසාවට
ඉපදෙන සිත් අමුණා ...
පාව සිහින වැස්සක
කවුරුත් තෙමුණා ...
භාව රූප මතුවන
හඬකින් මුමුණා...
මාව උල තියා
ලෝකය සංසිඳුනා...
සාර සොබාවෙන්
සංසාරය තොල ගා...
මාර සෙනඟ හා
ගැලපී දුක උරගා...
වීර විලාසෙන්
ගෙන අසිපත අතගා...
ඝෝර මොහඳුරේ
තරඟෙක මේ තුරඟා...
නෙත් සයුරේ බහා
රූසිරි හැඩැති අඳුන්...
අත් කර ගන්න මතකය
පියඹාවි යොදුන්...
පත් වන සුවඳ
රිදවා පාරද්දි සඳුන්...
මත් වන හීනයයි
ජීවිත නමැති බඳුන් ...
පිහින නෙළුම් මල්
පිබිදිය හැකි විලකි...
පහන නිවන්නද
මත් නෙත් රඟහලකි...
දැහැන දෙතොල්
කියවන්නට පොත් ගුලකි...
සිහින දකින්නට
මේ කය පෙලහරකි...
රැහැන් මුදා
රැහැනට ලොබ සල්පිලකි...
දැහැන් මුදා
මිහිරට ගැයු කවි පෙලකි...
සහන් එළි කුමට
අළු යට ගිණි හුලකි...
සිහින් කෙඳිරියක
සැඟවුණු අත්සනකි...
... ශ්රීමතී වල්පොල ...
Poems
අගුළු ලෑ පෙට්ටියේ
නුඹ නමින් බැදුණු මතක
අගුළු නෑරම ඉන්න
සපත කළෙ මා මටම

Poems
 Tell me little bird
Did you see you my darling..
So she gone not come
The distance that I don't know..

Poems
තරු පිරුණු අහස යට
නෙක රටා වියමන් මැද
අනන්තය වෙත ඇවිද යමු...
මතක පියවර මැන මැන...

Poems
වළාකුලු බර අහස යෞවනයෙ දොරකඩම
අපිට අප ඇවැසි වෙන නිමේෂයෙ පෙරසේම
වැසි දියේ තෙමි තෙමී රඟන විට සිත්සේම
මේ රැයත් විලිබරව පිපුන හැටි රහසේම

Poems
විසාකා , නුඹ දීග ගිය දා ලැබූ ඔවදන් , කියා දෙන්නට
හිටියෙ නැහැ මට කිසිම දවසක නුඹෙ පියා වැනි සිටු පියෙක්...
උනන කඳුලක රහස සඟවන පියෙක් පිළිබඳ තතු නොදන්නා
මව් කුසට අනියත බරක් වූ මම අසම්මත දියණියක්...
විසාකා නුඹ සිටු කුලේමය මගේ උරුමය අඩු කුලේ විය
ලැබූ පෙලපත සාපයක් මිස කුලගෙයට දුන් අබිමනක් නැත...
පිටත ගින්දර ගෙට නොගත්තට ඇතුලෙ ගිනි ඇවිලුනා වියරුව
ඒ රුදුරු ගිනි නොදී පිටතට පතිකුලය සිර කරමි සුසුමක...
එදා මෙන් මහ වැසි වසින විට නුඹ ගියා මෙන් නාරි ගමනක
ඇවිද යන්නට හැකි වුනේ නැත රතු ඉරට කිසි හදවතක් නැත...
විසාකා නුඹෙ මිණි මෙවුල මෙන් උරුම වටිනා කිසි දෙයක් නැත
තිබූ එකමෙ'ක අරුංගල් දෙක බාර දුන්නා උගස් කඩයට...
භවය සරමින් පින් එකතු කළ රුවැති පින්බර ළඳ නුඹම විය
සසරෙ අරුමය තවම විඳවන මගෙ කතාවට නමක් දෙනු මැන...
 
- නයනි වෛද්යරත්න -
Poems
නෙතු නුබ ගාව
හිදී රාග ගිනි දලුලාන
හතිලෑව උනුහුම්ව
පපුවට තුරුලුවම.

Poems

ස්පර්ශ කරන්නට හැකි නම්
සිතුවිල්ලෙන් සිතුවිල්ල
කියා දෙයි නුඹට

Poems
හුදෙකලාවත් කලාවක් වූ කල
පෙම මුලාවක් හදෙහි සෝ ලන

Poems
ඉර හඳ පවා නොපෙනෙන මහ පවුරු මැද
සීතල , අඳුරු , දුක්බර කුටියකට වැද
මේ දඬුවමයි මා කල වරදකට ලද
සිපිරි ගෙදර අම්මේ මම වෙසෙමි අද

Poems
පිරිමි දහසක් පස්සෙන් ආවත්
මොන තත්වයන් තරාතිරම් ඔවුන්ට තිබුණත්
තමන් ආදරය කරන පිරිමියාව විතරක් ම

Poems
වෙලී අපි ආදරෙන්
බොහෝ කල් ගත වුනත්,
උබේ ඔය වෙස් මුහුන
ගැලවුනේ කල් ගිහින්...