Thursday, January 08, 2026
Follow Us
දැන දැනත් මගේ හිත
මට අයිති නෑ නුබව.
මම ඒක දන්නවා...
දැන දැනත් මගේ හිත
තවම නුබ හොයනවා...
සොය සොයා ගව්ගනන්
ඈත දුර ඇදෙනවා...
හමුවෙතැයි දිනෙක නුබ
කියා මග බලනවා...
හමුවුනොත් දිනෙක නුබ
මම කතා කරනවා...
එදාටත් මේ හිතේ
ආදරය තව තියෙනවා...
අයිතියක් නැති හිතට
තව ආදරෙ කරනවා...
උපදිනා හැම භවයෙ
හිත නුබව සොයනවා...
 
තාරා.