Saturday, February 28, 2026
Follow Us
දුවෙක් නැතුව දැනෙන තනිකම
දුවෙක් නැතුවම දැනෙන තනිකම
ටිකෙන් ටික මට දැනෙනවා
පුතෙක් හිටියට දුවෙක් වගෙ නැහැ
උන්ට මගෙ හිත නොදැනෙනා..
දුකක් ආවම තනිව විඳගෙන
ඉන්න බෑ හිත හඬනවා
දුවෙක් ඇත්නම් ළඟින් හිඳගෙන
දුක අහවියැයි හිතෙනවා...
තනිව ගේ දොර වැඩ කරන විට
දුවෙක්ගේ අග දැනෙනනවා
දුවෙක් උන්නානම් ඉතින් ඈ
උදවු හෝ මට කරනවා...
පුතුන් ඉන්නෙම වැඩ මවන්නයි
උදව්වක් නම් නොකරනා
දෛවෙ මේ ලෙස දුන්නෙ ඇයි මට
පුතුන් විතරක් වද දෙනා...
 
මිසා ✍️