වතු පාසල්වල යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා ඉන්දීය රජයෙන් රු. මි. 600 ක ප්‍රදානයක් ලබා ගැනීම සඳහා අදාළ ලේඛනවලට අත්සන් තැබීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත.
The report from the Cabinet Sub-Committee appointed to investigate and recommend effective utilization of the Revenue Administration Management Information System (RAMIS) was recently presented to President Ranil Wickremesinghe at the President’s Office.
තේ වගාවට පොහොර යෙදීමට රජය තීරණය කර ඇති රුපියල් 2000ක සහනාධාරය රුපියල් 4000 දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය අද (29) තීරණය කළේය.
රියදුරු බලපත්‍ර සඳහා අසාදු ලකුණු ලබා දීමේ ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට ටෙන්ඩර් නිකුත් කර මුලික ඇගයීම් කටයුතු පවත්වාගෙන යමින් තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ද මහතා ප්‍රකාශ කරයි.
වී අලෙවි මණ්ඩලය ,හම්බන්තොට දිස්ත්‍රික්කයේ නියාමණ ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කළ කුඹුරු අක්කර 500ක කීරි සම්බා වගා කිරීමේ ව්‍යාපෘතියේ අස්වනු නෙලීම ඊයේ (20) ආරම්භ විය.
ජනාධිපතිවරණ සමයේ රාජ්‍ය ආයතන ක්‍රියා කළ යුතු ආකාරය ඇතුළත් චක්‍රලේඛය, නිලධාරීන් වෙත යොමු කර තිබේ.
රාජ්‍ය සේවයේ වැටුප් විෂමතාවන් සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා පත්කරන ලද විශේෂඥ කමිටුව වෙත වැටුප් හා දීමනා සංශෝධන සඳහා යෝජනා කැඳවීම ඇරඹේ.
ගෝලීය වශයෙන් සිදුවූ තාක්ෂණික දෝෂය සම්බන්ධයෙන් ගුවන් මෙහෙයුම් වෙත බලපෑමක් සිදුවූ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරයි.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ අංක: JC 23, පිටරවුම් පාර, වවුනියාව, යන ස්ථානයේ පිහිටි ප්‍රාදේශීය කාර්යාලය 2024 අගෝස්තු මස 16 වන සිකුරාදා දින ගාමිණි විදුහල ඉදිරිපිට, මන්නාරම පාර, වවුනියාව යන ස්ථානයේ පිහිටි ගොඩනැගිල්ලේ ස්ථාපනය කිරීමට නියමිත බව ආගමන හා විගමන දෙපාර්තුවේන්තුව සඳහන් කරයි.
චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ සියලු පාර්ශවයන්ගේ අදහස් උදහස් සැලකිල්ලට ගනිමින් ජාතික චිත්‍රපට සංස්ථාව වෙනුවට අන්තර් ජාතික මට්ටමට සිංහල සිනමාව ඔසවා තැබීමටත් අවශ්‍ය මගපෙන්වීම් සිදුකිරීමට සහ එම කර්මාන්තය නියාමනයට “Film Sri Lanka” නමින් ආයතනයක් පිහිටුවීමට පනතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවූ බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
ගුවන් ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගේ පහසුව සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය (SLTDA) සහ සංචාරක අමාත්‍යාංශය සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය, බුද්ධ ශාසන අමාත්‍යාංශය, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍යාංශය, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය යන ආයතන සමඟ සහයෝගීතාවයෙන් ඓතිහාසික අවබෝධතා ගිවිසුම් (MoU) අත්සන් කිරීම පසුගියදා (23) කොළඹ දී සිදු කෙරිණ.
අත්යන්ත්‍ර පේෂ කර්මාන්තයේ නිරතවන කාන්තාවන් හා තරුණ ප්‍රජාව ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවූ බව ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
කොහුවල මංසන්ධියේ පවතින අධික රථවාහන තදබදයට පිළියම් සැපයීම උදෙසා හොරණ කොළඹ ප්‍රධාන මාර්ගයට ඉහළින් කොහුවල මංසන්ධියේ ඉදි කරන ලද ගුවන් පාලම ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ආරාධනයෙන් ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සුරතින් අද (17) පෙරවරුවේ ජනතා අයිතියට පත්කර කෙරිණි.
බලපත්‍රලාභී වාණිජ බැංකු මඟින් උකස් අත්තිකාරම් ලබා ගෙන ඇති අඩු අදායම්ලාභී පුද්ගලයින් සඳහා සහන සැළසීම වෙනුවෙන් මුදල්,ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව මහාමාර්ග, ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
නව විදුලි ගාස්තු සංශෝධනයට සමගාමීව ජල ගාස්තුව ද අඩු කිරීම සම්බන්ධව අධ්‍යයනය කරමින් සිටින බවත්, මෙම සතිය තුළ ඒ සම්බන්ධව තීරණයක් ගැනීමට හැකිවනු ඇති බවත් ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.
Page 18 of 621