2024 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2025 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ පළමු අභියාචනා ඉදිරිපත් කිරීමේ වටයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ.
2024 අ. පො. ස උසස් පෙළ විභාගයට අදාළව ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමේ අවස්ථාව දීර්ඝ කිරීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
කම්කරු කාර්යාලයන්හි සේවක අර්ථසාධක අරමුදල් ප්‍රතිලාභ අයදුම් පත්‍ර භාරගැනීම අද (21) දහවල් 12.00 සිට සාමාන්‍ය පරිදි සිදුකෙරෙන බව කම්කරු දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
අධ්‍යාපන ඩිජිටල් පරිවර්තනය පිළිබඳ කාර්යසාධක බලකායක් ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගැනිමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වෙමින් තිබූ අංක 1046 දරණ රාත්‍රි තැපැල් දුම්රිය ගලබඩ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පිලීපැනීමට ලක්වීමෙන් අඩාල වූ උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව දුම්රිය ධාවනය අද (1) දහවල් සිට යථා තත්ත්වයට පත් කළ බව වාර්තා වෙයි.
දැනටමත් ආරම්භ කර ඇති සහ ඉදිරියේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති ඩිජිටල් පරිවර්තන ව්‍යාපෘති බාධාවකින් තොරව ක්‍රියාත්මක කිරීමට හැකි වන පරිදි අවශ්‍ය බලතල සහිත ස්වාධීන ආයතනයක් වශයෙන් 'GovTech (Pvt) Limited' නමින් රජය සතු සමාගමක් ස්ථාපිත කිරීමට ඩිජිටල් ආර්ථික අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලැබී ඇත.
කම්කරු දෙපාර්තමේන්තුව මගින් සේවා සපයක සේවක අරුථසාධක අරමුදල් පරිගණක දත්ත පද්ධතියේ හදිසි සහ අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු හේතුවෙන් සේවක අර්ථසාධක අරමුදලේ සේවාවන් හෙට (21) සිට මැයි 23වැනිදා දක්වා අත්හිටුවන බව කම්කරු කොමසාරිස් ජනරාල්වරයා සදහන් කරයි.
2024 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව පරීක්ෂණයේ ප්‍රතිඵල මත පාසල්වල 2025 වර්ෂයේ 6 ශ්‍රේණියට ඇතුළත් වීමේ පළමු අභියාචනා ඉදිරිපත් කිරීමේ වටයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ.
විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන සංවර්ධනය කිරීම, පුළුල් කිරීම සහ කළමනාකරණය කිරීම සඳහා සීමිත වගකීම් සමාගමක් ස්ථාපිත කිරීමට රජය තීරණය කර තිබේ.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවෙන් මහජනතාව සඳහා ගමන් බලපත් නිකුත් කිරීමේ එක්දින සේවයේ පැය 24 පුරා සිදුකිරීම 2025.05.30 දිනෙන් අවසන් කෙරෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගය සහ 2024 සාමාන්‍ය පෙළ සෞන්දර්ය ප්‍රායෝගික පරීක්ෂණවලට පෙනී සිටින සිසුන්ට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් විශේෂ දැනුම්දීමක් කර තිබේ.
2024 වර්ෂයේ අ.පො.ස.(උසස් පෙළ) සමත් සිසුන් 2024/2025 අධ්‍යයන වර්ෂය සඳහා ජාතික විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් අයදුම්පත් කැඳවීම මේ දිනවල සිදුකරනු ලැබේ.
සුඛ සාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් මැයි මසට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දිමනාව මැයි 22 දින සිට අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කර ඇති බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය නිවේදනය කරයි.
Page 18 of 640