විෂ මත්ද්රව්ය ව්යාප්තිය මුලිනුපුටා දැමීම සඳහා 'රටම එකට ජාතික මෙහෙයුම' නමින් වැඩසටහනක් හදිසි හා කඩිනම් ජාතික වැඩසටහනක් ලෙස ආරම්භ කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.
මෙරට තුළ විෂ මත්ද්රව්ය ව්යාප්තිය ජාතික උපද්රවයක් බවට පත් ව ඇති අතර, විෂ මත්ද්රව්ය ජාවාරම කේන්ද්ර කරගෙන බොහෝ අපරාධයන් සිදු වන බව නිරීක්ෂණය වී තිබේ. මේ අනුව ජාතික මට්ටමේ දේශපාලන නායකත්වය, කාර්යක්ෂම තීරණ ගැනීමේ යාන්ත්රණයක් මෙන් ම පුළුල් මහජන සහභාගිත්වයක් සහිතව මෙම වැඩසටහන ක්රියාත්මක කිරීමට නියමිතය.
එම වැඩසටහන යටතේ පුළුල් ප්රචාරණ ක්රියාවලියක් හරහා සමාජය මෙම උවදුර සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම, විෂ මත්ද්රව්ය ජාවාරම හා බැඳුණු ජාලය බිඳ දැමීම, පුනරුත්ථාපන අවස්ථා බලගැන්වීම, භාවිතයෙන් ඉවත් වීමට කැමති අය සඳහා අවස්ථාව ලබා දීමට අපේක්ෂා කෙරේ.