Monday, February 02, 2026
Follow Us
රාජාංගනය, අංගමුව සහ කලාඔය ජලාශ අවට ජනතාවට දැනුම්දීමක්

වැව් පෝෂක ප්‍රදේශයට ලැබෙන අධික වර්ෂාපතන තත්ත්වය මත හා ඉදිරියේ ඇති විය හැකි කුණාටු තත්ත්වය මත රාජාංගනය ජලාශයේ වාන් දෙරටු විවෘත කිරීමට අපේක්ෂා කරන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව පැවසුවේ ජලාශයේ ජල ස්ථායි මට්ටමක පවත්වා ගැනීම සඳහා මෙම පියවර ගනු ලබන බවය.

මේ අතර අංගමුව ජලාශයේද වාන් මට්ටමට ලඟා වෙමින් පවතින බැවින් එහි දොරටුද විවෘත කිරීමට සිදුවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

ඒ අනුව කලාඔය පහළ ප්‍රදේශවල වෙසෙන ජනතාව මේ සම්බන්ධව අවධානයෙන් යුතුව සිටින ලෙසත් දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ.