Monday, February 02, 2026
Follow Us
ප්‍ර්‍රජාවන් අතර අවබෝධය වර්ධනය කෙරෙන  “ශ්‍රී ලාංකික දිනය” ජාතික වැඩසටහනක්
ප්රජාවන් අතර අවබෝධය වර්ධනය කරමින් සංහිඳියාවෙන් යුත් ශ්රී ලංකාවක් බිහි කිරීම යන දැක්ම පෙරදැරිව “ශ්රී ලාංකික දිනය” ලෙස ජාතික වැඩසටහනක් පැවැත්වීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 2025 අයවැය කතාවේදී යෝජනා කෙරිණි.

 

ඒ අනුව මෙම වැඩසටහන මෙම වර්ෂයේ දෙසැම්බර් මස 12 ,13 සහ 14 යන දිනවල කොළඹ මහනගර සභා පිටිය හා විහාර මහා දේවි උද්යානය ඇතුළු එම ප්රදේශය ආශ්රිත පරිශ්ර හා ප්රධාන මාර්ගවලින් ආවරණය වන පරිදි කලාප 04 ක රාජ්ය හා පෞද්ගලික අංශවල සහභාගිත්වයෙන් පැවැත්වීමට සැලසුම් කර තිබේ.
 
මෙම වැඩසටහන සියලුම ජාතීන් හා ආගම් නියෝජනය වන පරිදි සංස්කෘතිකාංග ඇතුළු වැඩසටහන් රැසකින් සමන්විත වේ.