පසුගියදා දිවුරුම් දුන් රාජ්‍ය ඇමතිවරුන්ට වැටුප්, දීමනා, වෙනම අමාත්‍යංශ ගොඩනැගිලි, කාර්ය මණ්ඩල පහසුකම් ඇතුළු වරප්‍රසාද හිමි නොවන බව ප්‍රකාශ කළ නමුත් ජනාධිපති ලේකම්වරයාගේ අනුමැතිය අනුව පහසුකම් හා වරප්‍රසාද රැසක් ලබා දී තිබෙනවා.
කාබනික පොහොර මෙට්ට්‍රික් ටොන් 96,000 ක් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කරන ලද විශේෂ විගණන වාර්තාව, නිවැරදි නොවන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. එම විගණන වාර්තාව සම්බන්ධයෙන් නෙත් නිවුස් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ එම වාර්තාව නිවැරදි නොවන බවට අමාත්‍යංශයේ නිලධාරීන් තමන් වෙත දැන්වූ බවයි.
දෙවැනි එලිසබෙත් මහ රැජිනගේ අවමංග්‍ය උත්සවය සඳහා සහභාගිවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබෙනවා. ඒ අනුව ජනාධිපතිවරයා ලබන සතිඅන්තයේදී එක්සත් රාජධානිය බලා පිටත්ව යාමට නියමිතය.
පැවරී ඇති වගකීම් නිසි පරිදි ඉටු නොකරන රාජ්‍ය අමාත්‍යවරුන් මාස 06 කින් එම තනතුරුවලින් ඉවත් කරන්නැයි රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ රජයෙන් ඉල්ලීමක් කරනවා. නෙත් නිවුස් කළ විමසීමකදී රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 37 දෙනෙකුට රාජ්‍ය අමාත්‍ය ධූර පිරිනමනු ලැබුවේ පවතින අර්බුද හමුවේ රට ගොඩනැංවීම සඳහා බවයි.
සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී චක්‍රලේඛ බාධාවක් වී ඇත්නම් එම චක්‍රලේඛ කඩිනමින් සංශෝධනය කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිලධාරින්ට උපදෙස් ලබා දෙනු ලැබුවා.
අපනයනය සඳහා කංසා නීතිගත කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් ඒ ඔස්සේ ලබන වසරේදී විශාල ඩොලර් ආදායමක් රටට උපයා ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරන බවත් සංචාරක රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ මහත්මිය පවසයි.
වර්තමානයේ රටේ පවතින ආර්ථික, සමාජයීය වාතාවරණය තුළ රජයට මුහුණ දීමට සිදු වී ඇති දැඩි ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන රජය විසින් වියදම් කරනු ලබන මහජනතාවගේ මුදල් අරපිරිමැස්මෙන් හා උපරිම කාර්යක්ෂමතාවයකින් යුක්තව පරිහරණය කිරීම සඳහා සියලු බලධාරීන් විසින් සෑම ප්‍රයත්නයක්ම ගතයුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටී.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූ නමුත් දෙපාර්ශ්වය අතර කිසිදු ගිවිසුමක් අත්සන් කර නොමැති බව පාර්ලිමේන්තුවේ සභානායක සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනවා. ඊයේ විපක්ෂය නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දක්වමින් ඔහු අද මේ බව සඳහන් කළේය.
මේ සති අන්තයේ එනම්, අද (10) සහ හෙට (11) යන දෙදින තුළ විදුලි කප්පාදුවක් සිදු නොකෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසයි
ශ්‍රීලංකාව බරපතල විදේශ විනිමය අර්බුදයකට මුහුණ දෙමින් සිටියදී ශ්‍රීලංකාව නියෝජනය කරමින් විදේශ රටවල තානාපතිවරුන් ලෙස සේවය කරන හා ජ්‍යෙෂ්ඨ විදේශ සේවා නිලධාරීන් එම රටවල තමන් වාසය නිවාස සඳහා අධි සුඛෝපභෝගී නිවාස භාවිතය එලෙසම සිදු කර ගෙන යාම බරපතල ගැටළුවක් බව විදේශ කටයුතු අමාත්‍යංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
Page 136 of 642