Tuesday, February 10, 2026
Follow Us
ණය ප්‍රතිව්‍යූහගත කිරීම ගැන තීරණාත්මක සාකච්ඡාවක් ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

විවිධ රටවල් නියෝජනය කරමින් ශ්‍රී ලංකාව සඳහා පත්කර ඇති තානාපතිවරුන්ගේ විශේෂ සාකච්ඡාවක් මේ වනවිට ආරම්භ වී තිබෙනවා. ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

මේ සඳහා කොළඹ සිටින තානාපතිවරුන් 16 දෙනෙකු එක්ව සිටින අතර නවදිල්ලි සිට තවත් තානාපතිවරුන් 06 දෙනෙකු මාර්ගගත ක්‍රමය ඔස්සේ ඊට එක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග යෝජිත ණය සහන වැඩපිළිවෙල සම්බන්ධයෙන් තානාපතිවරුන් දැනුවත් කිරීම මෙම සාකච්ඡාවේ අරමුණයි.

ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා හෙට (23) දිනය වනවිට ණයහිමියන්ගේ එකඟතාවය හිමිවනු ඇතැයි අපේක්ෂාවෙන් සිටින අතර මේ නිසා අද පැවැත්වෙන සාකච්ඡාව අතිශය තීරණාත්මක වනු ඇත.

LNW