රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් මුද්‍රණය කරනු ලබන “පොදු ආකෘති” සමාලෝචනය සඳහා ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් කමිටුවක් පත් කර තිබේ.
මේ වන විට රට තුළ පවතින ගල් අඟුරු තොගය විදුලිය නිපදවීම සඳහා ප්‍රමාණවත් වන්නේ ඔක්තොම්බර් 15 වනදා දක්වා පමණක් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
1952 - 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙසද,පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානි ලෙසද කටයුතු කළ දෙවෙන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පලකිරීම සදහා සියලුම රාජ්‍ය ආයතනවල අද දින සිට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් උපදෙස් ලබා දුන් බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එම්. එම්. පී. කේ මායාදුන්නේ නිවේදනය කර සිටිනවා.
ලබන වසරේ සිට ම පළමු ශේණියේ සිට ඉංග්‍රීසි භාෂාව ප්‍රායෝගික භාවිතයට පියවර ගැනීමට අපේක්ෂා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් පවසනවා.
රට ගොඩනැගීම සඳහා එක්වන්නැයි කිසිදු බේදයකින් තොරව සියලු පක්ෂවලට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
දැනට රටතුල පවතින ඉන්ධන අර්බුදය හමුවේ මෙරට මෝටර් රථ වාහන ක්ෂේත්‍රයට විදුලියෙන් ධාවනය වන වාහන හඳුන්වා දීම කාලීන අවශ්‍යතාවයක් බවට පත්ව තිබේ. ඉදිරියේදී පොදු මගී ප්‍රවාහන ක්ෂේත්‍රයේ විද්‍යුත් වාහන භාවිතය ප්‍රචලිත කිරීම සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් විශේෂ වැඩපිලිවෙලක් හඳුන්වා දී ඇත.
රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් සහතික කර මහජනතාව වෙත නිකුත් කර ඇති උප්පැන්න, විවාහ හා මරණ ලේඛණයක සහතික පිටපත් මාස 06 ක කාලසීමාකින් අවලංගු නොවන බව රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසනවා.
Page 137 of 642