Friday, April 19, 2024
Follow Us
රාජ්‍ය සේවකයින් ගැන හදිසියේ අලුත් තීරණයක් ගනී

සේවකයින් සඳහා තරග විභාගයක්


රාජ්‍ය ආදායමට ප්‍රධාන වශයෙන් වැදගත් වන රාජ්‍ය ආයතනවල විශාල නිලධාරි හිඟයක් පවතින බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඒ සඳහා වර්තමානයේ නව බඳවාගැනීම් සිදුකිරීමට හැකියාවක් නොමැති බැවින්, මේ වන විට සිය දක්ෂතාවයට නොගැලපෙන රජකාරී සිදුකරමින් රාජ්‍ය සේවයේ නිරතව සිටින තරුණ සේවකයින් සඳහා තරග විභාගයක් පවත්වා අදාළ බඳවාගැනීම් සිදුකිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

“අද දෙරණ” BIG FOCUS වැඩසටහන සමග එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය

“ලොකු නිලධාරී අඩුවක් තියෙනවා. රේගුවේත් නෑ , සුරාබදු එකෙත් නෑ, හාර පන්සීයක මේ වෙලාවේ අපිට නිලධාරීන් ගන්න බෑනේ. ඒ නිසා රටේ ඉන්නවා සුවිශාල පිරිසක් උපාධිදාරීන් ඔවුන් නොගැලපෙන සේවාවල වැඩ කරනවා. හදිසි බඳවාගැනීම් එක්ක. මම යෝජනා කළේ හොඳ තරග විභාගයක් තියලා විනිවිදභාවයෙන් යුතුව මේ අති දක්ෂ තරුණ තරුණියන් පිරිස තෝරාගන්න. මොකද බදු ගණනය කරනවා කියන්නේ අති සංකීර්ණ කාර්යයක්. අති දක්ෂයින් ඉන්න ඕනේ. බදු උපදේශකයෙක් ඇවිල්ලා ලිපිගොනු පෙන්නනකොට, ඒක දැක්ක ගමන් ඒක ඔලුවට ගන්න පුළුවන් මේක මේකයි වෙලා තියෙන්නේ කියලා කියන්න පුළුවන් තරුණ තරුණියන් පිරිසක් ඉන්නවා. දැනට ඉන්න නිලධාරීන්ට අගතියක් නොවන පරිදි, ඔවුන්ගේ උසස්වීම්වලට අගතියක් නොවන පරිදි බඳවාගැනීම් කිරීමට අපි කටයුතු කරනවා.”

Aruna