Saturday, December 09, 2023
Follow Us
විදෙස් විනිමය හිඟයි - සපුගස්කන්ද පිරිපහදුව වසයි

සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කර සිටිනවා.

විදේශ විනිමය හිඟය හේතුවෙන් මෙරටට ගෙන්වා ඇති තුන්වන බොරතෙල් නෞකාවේ ඇති තොගය ගොඩබෑමට නොහැකි වීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි අමාත්‍යවරයා ට්විටර් සටහනක් තබමින් සඳහන් කර සිටියේ.

එසේම මහ බැංකුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙත සතිපතා ලබාදෙන මුදල් භාවිත කර කිසිදු හිඟයකින් තොරව පසුගිය කාලසීමාව තුළ පවත්වාගෙන ආ ලෙසින් ඉන්ධන නිකුත් කිරීමේ හැකියාව පවතින බවද අමාත්‍යවරයා එහි සඳහන් කර ඇත.

කෙසේ වෙතත් මේ වනවිට ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් ඉන්ධන තොග පැවතීම හේතුවෙන් ජනතාව අනවශ්‍ය බියක් ඇතිකරගත යුතු නැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

Neth