Monday, February 09, 2026
Follow Us
පිරිපහදුව වසා දැමු නිසා තෙල් හිඟයක් ඇති වෙයිද ?

බලශක්ති ඇමතිගෙන් ප්‍රකාශයක්


සපුගස්කන්ද පිරිපහදුව වසා දැමුණ ද රට තුළ ඉන්ධන හිඟයක් ඇති නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඔහු සිය ට්විටර් ගිණුමට සටහනක් එක් කරමිනුයි මේ බව කියා සිටියේ.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතුව ප්‍රමාණවත් තරම් පිරිපහදු කළ ඉන්ධන තොග ඇති බව ඔහු එම සටහනේ දක්වා තිබෙනවා.

බොරතෙල් මිලදී ගැනීමට විදේශ විනිමය නොමැති වීම හේතුවෙනුයි මෙලෙස පිරිපහදුව වසා දමා ඇත්තේ.

පිරිපහදු කළ ඉන්ධන මිලදී ගැනීම සඳහා අවශ්‍ය විදේශ විනිමය මහබැංකුව විසින් සපයා දෙන අතර, පැවති විදේශ විනිමය යූරල් බොරතෙල් නෞකා දෙකකට ගෙවීම සඳහා වැය කිරීම මෙම තත්ත්වයට හේතු වූ බව ද අදාළ ට්විටර් සටහනේ දැක්වෙනවා.

Aruna