Tuesday, April 16, 2024
Follow Us
ආහාර වර්ග කිහිපයක මිල අඩු වෙයි

සතොසෙන් අඩු මිලට ලැබෙන භාණ්ඩ මෙන්න


ලංකා සතොස මගින් අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ හයක මිල අද(07) සිට අඩු කර තිබේ.

මෙලෙස අඩුකළ ආහාර වර්ග සහ නව මිල ගණන් ලැයිස්තුව පහතින් දැක්වේ.

*දේශීය අර්තාපල් කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 35කින් අඩු කර තිබේ.ඒ අනුව රුපියල් 430ක්ව පැවති දේශීය අර්තාපල් කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 395ක් වී තිබේ.

*කඩල කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 35කින් අඩු කර තිබේ.ඒ අනුව රුපියල් 685ක්ව පැවති කඩල කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 650ක් වී තිබේ.

*රතු පරිප්පු කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 17කින් අඩු කර තිබේ.ඒ අනුව රුපියල් 415ක්ව පැවති රතු පරිප්පු කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 398ක් වී තිබේ.

*දේශීය සම්බා කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 08ඉන් අඩු කර තිබේ.ඒ අනුව රුපියල් 228ක්ව පැවති දේශීය සම්බා කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 220ක් වී තිබේ.

*ආනයනික සුදු කැකුළු කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 05ඉන් අඩු කර තිබේ.ඒ අනුව රුපියල් 179ක්ව පැවති ආනයනික සුදු කැකුළු කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 174ක් වී තිබේ.

*සුදු සීනී කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 03ඉන් අඩු කර තිබේ.ඒ අනුව රුපියල් 278ක්ව පැවති සුදු සීනී කිලෝ ග්‍රෑම් එකක මිල රුපියල් 275ක් වී තිබේ.

Aruna