Monday, February 09, 2026
Follow Us
ආර්ථිකයේ අවදානම ගැන මුදල් රාජ්‍ය අමාත්‍යවරයෙකුගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් තවදුරටත් කඩා වැටෙමින් ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා. ඊට මුහුණදීම සඳහා රට පත්ව ඇති තත්ත්වය පිළිබද සැබෑ වැටහීමක් තිබිය යුතු බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

ආර්ථිකය කඩා වැටීමෙන් සිදුවන හානිය අවම කිරීම සඳහා රජය මේවනවිටත් කටයුතු කරමින් සිටින බව ද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවා.

ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් බවට ප්‍රකාශ කෙරුණේ ද ආර්ථික අර්බුදයෙන් ගොඩඒම සඳහා බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

 

Neth