Monday, February 09, 2026
Follow Us
ළමා රක්ෂක අධිකාරියට මාස 09 ට පැමිණිලි 7500 ක්

මෙම වසරේ මුල් මාස 09 තුළ ළමුන්ට සිදුවන හිංසනයන්ට අදාළ පැමිණිලි 7,500 කට ආසන්න සංඛ්‍යාවක් ලැබී ඇති බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසනවා.

එහි සභාපති, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජේ්‍යෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ නෙත් නිවුස් කළ විමසීමකදී පැවසුවේ සිය අධිකාරියට අයත් නොවන පැමිණිලි ද ඒ අතර වන බවයි.

නිලධාරීන්ගේ හිඟය මධ්‍යයේ දුෂ්කරතා රැසකට මුහුණදෙමින් අදාළ පැමිණිලි පිළිබඳ විමර්ශන සිදුකරන බවයි සභාපතිවරයා පැවසුවේ.

ගාලුමුවදොර පිටියේ ඉකුත් දා පැවති විරෝධතාවකදී පොලීසියේ ක්‍රියාකලාපය හමුවේ දරුවෙකු අපහසුතාවයට ලක්වීම සම්බන්ධයෙන් සහ දරුවන් උද්ඝෝෂණවලට සම්බන්ධ කරවා ගැනීමට එරෙහිව ජාතික ළමාරක්ෂක අධිකාරිය වෙත පාර්ශව රැසකින් පැමිණිලි ලැබී තිබුණා. එම අධිකාරියේ සභාපති ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය උයද කුමාර අමරසිංහ පැවසුවේ එම කරුණු දෙක සම්බන්ධයෙන් සිය අධිකාරිය මේවනවිට විමර්ශන ආරම්භ කර ඇති බවයි.

Neth