Saturday, February 07, 2026
Follow Us
State

ජාතික නිදහස් දිනයට සමගාමීව ලංකා ගමනාගමන මණ්ඩලය මගින් නව බස් රථ 150ක් ග්‍රාමීය ඩිපෝ සඳහා ලබාදීම අද (05) සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි.

State

මෙරට ආයෝජන ප්‍රවර්ධනය කිරීමේදී රාජ්‍ය සහ පෞද්ගලික ආයතන ඩිජිටල්කරණය කිරීම සහ ආයෝජනයට අවශ්‍ය සියලු අනුමතීන් කඩිනමින් ලබාගැනීම සඳහා එක් ස්ථානයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පහසු කිරීමේ දර්ශකයේ අගය ඉහළ නැංවීම සම්බන්ධයෙන් පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා දුෂ්කරතා අධ්‍යනය කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී සාකච්ඡා විය.

State

හම්බන්තොට දිස්ත්‍රික්කයේ හදිසි විදුලි බිඳවැටීම්වලදී හා විදුලි අවශ්‍යතාව උපරිම වන අවස්ථාවන්හිදී අඛණ්ඩ විදුලිය සැපයීම සහතික කිරීම පිණිස විදුලිය ගබඩා කර තබා ගැනීමේ පද්ධතියක් ස්ථාපිත කිරීමට රජයෙ තීරණය කර ඇත.

State
 
මම අද පවත්වන්නේ සාම්ප්රදායික නිදහස් දින කතාවක් නෙවෙයි. නිදහස ලබා ගැනීමට කැපවුණු, වෙහෙසුණු ඩී.එස්. සේනානායක මැතිතුමා ඇතුළු සියලු දෙනාටම ගෞරවය පුදකරමින් මම කතා කරන්න යන්නේ, අපට ලැබුණු නිදහස ගැන නෙවෙයි. අද අපට අහිමි වෙලා තිබෙන නිදහස යළි දිනාගැනීම පිළිබඳවයි.
State

සිවිල් යුද සමයේ ආරක්ෂක අංශ භාවිතයේ පැවති යාපනය වලිකාමම් උතුරු ප්‍රදේශයේ ඉඩම් අක්කර 109කට ආසන්න ප්‍රමාණයක් යළි මුල් පදිංචිකරුවන් වෙත ලබාදීම හෙට (03) සිදු කෙරේ.

State

පාසල් පෝෂණ ආහාර වැඩසටහන යටතේ 2022 නොවැම්බර් හා දෙසැම්බර් යන මාසවලට අදාළ ව පළාත් මට්ටමින් ආහාර සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ව තිබූ මුළු මුදල රුපියල් බිලියන 2.4ක් බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

State
Most Venerable Maha Sangha and the clergy, my fellow citizens, all Sri Lankans abroad, dear children,
State

හදිසි රාජකාරි අවශ්‍යතාව සැලකිල්ලට ගෙන සහකාර පොලිස් අධිකාරිවරු 26 දෙනෙක් විවිධ පොලිස් කොට්ඨාසයන්හි පොලිස් අධිකාරී නිලයේ රාජකාරි ඉටු කිරීම සඳහා පත් කර තිබේ. 

State

බිත්තර ආනයනය කිරීමට අවශ්‍ය අනුමැතිය ලබා නොදෙන පාර්ශවයන් පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ලබාදෙන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නියම කර තිබේ.

State

නිදහස් දිනය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරන ලද  නිදහස් දින පණිවිඩය පහත සඳහන් පරිදි වේ.

State

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් අනවසරයෙන් භුක්ති විදින පිරිස් නියමානුකූල කිරීම සහ ඔවුන්ගෙන් හිමි වු යුතු බදු මුදල් අය කර ගැනීම සඳහා වන ජංගම සේවා වැඩසටහනේ තවත් අදියරක් හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී  පසුගියදා පැවැත්විණි.

State

රාජ්‍ය සේවයේ නියුතු නිලධාරින්ගෙන් ගුරු සේවයට 26,000ක් බඳවා ගැනීමට නියමිත බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

State

පාසල් ඉල්ලුම්පත් සඳහා මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලබාගන්නා ඡායාරූපවල වලංගු කාලසීමාව සහ දඩ මුදල් අය කිරීමේ කාල සීමාව දීර්ඝ කර තිබෙන බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් සඳහන් කරයි.

State
 
• ත්රිවිධ හමුදා ජ්යෙෂ්ඨ නිලධාරීන් 77 දෙනෙකුට විශිෂ්ට සේවා විභූෂණ සම්මාන
State

කිසිම ආයතනයක් වැසීමට තීරණය කර නොමැති බවත්  ආයෝජනයක් කරනවාද නැතිනම් කළමනාකාරීත්වයකට භාර දෙනවාද යන ක්‍රම පිළිබඳ සාකච්ඡා කරන බවත් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. 

State

මෙවර මහ කන්නයේ දී වී මිල දී ගැනීමේ කටයුතු වී අලෙවි මණ්ඩලය මගින් සිදු නොකරන බවත්, ඒ වෙනුවට වී මෙට්‍රික් ටොන් 66,000ක් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් මිල දී ගැනීමට රජය තීරණය කරන ලද බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ  කළේය.

State

ලංකා අයි.ඕ.සී සමාගම ද ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දමා තිබෙන අතර රු. 370ක්ව පැවති ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30කින් ඉහළ දමා ඇත.

State

මෙතෙක් ශ්‍රී ලංකාවේ කාබනික කැට පොහොර නිෂ්පාදනය කෙරෙන විශාලතම කර්මාන්ත ශාලාව අද (30) පන්නල, එලිබ්ච්චිය ප්‍රදේශයේ දී විවෘත කෙරිණි.

කොරියානු ජනරජයට අයත් කැට පොහොර නිෂ්පාදන සමාගමක් වන Hyosong OnB සමාගම විසින් 100% පරිසර හිතකාමී කාබනික කැට පොහොර නිෂ්පාදනය කිරීම මෙම කර්මාන්ත ශාලාව මගින් සිදු කරයි.

මෙම කර්මාන්ත ශාලාව මුළුමනින්ම අධිතාක්ෂණික උපකරණවලින් සමන්විත වන අතර, කාබනික කැට පොහොර නිෂ්පාදනය සඳහා රොබෝ තාක්ෂණය පවා යොදාගෙන තිබේ. ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තයට අවශ්‍ය ගුණාත්මකභාවයෙන් ඉහළ කාබනික කැට පොහොර වාර්ෂිකව මෙට්‍රික් ටොන් 1,800ක් මෙම කර්මාන්තශාලාව මඟින් නිෂ්පාදන කිරීමට නියමිතය.

ඩොලර් මිලියන 05ක් වැනි මුදලක් ආයෝජනය කරමින් මෙම කර්මාන්තශාලාව මෙරට පිහිටුවීමට කටයුතු කර තිබේ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා, ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති වූන්ජින් ජියෝන්ග් මහතා, කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා මහතා සහ අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් මෙය විවෘත කෙරිණි.