Friday, February 06, 2026
Follow Us
ඉන්ධන කෝටාව ගැන ගත් තීරණය

උත්සව සමය වෙනුවෙන් වැඩි කරන ලද ඉන්ධන කෝටාව අද සිට අලුත් වන මීළග සතියේදීත් එලෙසම ලබා දෙන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක පවසයි.

අලුත් අවුරුදු සමය වෙනුවෙන් පසුගිය අප්‍රේල් 04 වනදා සිට ඉන්ධන කෝටාව වැඩි කළේය.

ඒ අනුව ත්‍රිරෝද රථ සඳහා වු ලීටර් 5ක කෝටාව ලීටර් 8ක් දක්වාත්, යතුරුපැදි සඳහා ලීටර් 4ක ඉන්ධන කෝටාව ලීටර් 7ක් දක්වාත් ඉහළ නැංවීමට පියවර ගත්තේය.


බස්රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 40 සිට ලීටර් 60 දක්වාත්, මෝටර් රථ සඳහා ඉන්ධන කෝටාව ලීටර් 20 සිට ලීටර් 30 දක්වාත්, ලොරි රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 50 සිට ලීටර් 75 දක්වාත්, වෑන් රථ සඳහා ලබාදෙන ඉන්ධන කෝටාව ලීටර් 20 සිට ලීටර් 30ක් දක්වා ඉහළ දැමීම සිදු විය.