Friday, February 06, 2026
Follow Us
ලිහිසි තෙල්, ග්‍රීස් ගැන ගැසට් නිවේදනයක්

ලිහිසි තෙල් හෝ ග්‍රීස් නිෂ්පාදනය සහ ආනයනය කිරීම සඳහා ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත යටතේ වන නියමයන්ට අනුකූලව බලපත්‍රයක් ලබාගත යුතු බව දක්වමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කර තිබේ.

එහි සභාපති ශාන්ත නිරිඇල්ල විසින් නිකුත් කර ඇති එම නිවේදනය දක්වා ඇත්තේ ලිහිසි තෙල් හෝ ග්‍රීස් අලෙවි කිරීමේදී අදාළ බලපත්‍රයේ අංකය ලේබලයේ සටහන් කළ යුතු බවයි.

එසේ නොමැතිව එම ද්‍රව්‍ය ගබඩා කිරීම, ඇසුරුම් කිරීම හෝ විකිණීම සිදු නොකළ යුතු බව ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.