Saturday, February 07, 2026
Follow Us
State

බහු කාර්ය සංවර්ධනය සහායක සහයිකාවන් 2,400ක් දුම්රිය කාර්ය සහයක තනතුර සඳහා අන්තර් ග්‍රහණය කර ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය කිරීම අද (03) අරලියගහ මන්දිර පරිශ්‍රයේදී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

State

ජාතික දායකත්ව විශ්‍රාම අරමුදල ස්ථාපිත කිරීමට අදාළ පනත් කෙටුම්පතක් සකස් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

State

මෙම වසරේ දී පැරෂුට් ක්‍රමයට වී වගා කිරීම ව්‍යාප්ත කරවීම සඳහා රුපියල් මිලියන 400ක් වෙන් කර තිබෙන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

State

ප්‍රතිසංස්කරණයට ලක් නොකළ අත්හැර දමන ලද වැව් 30ක් මෙම වසර තුළ පුනරුථාපනයට රු. මිලියන 300ක් වෙන් කර ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

State

පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා දිස්ත්‍රික්ක 4ක විශේෂිත රෝහල් හා  නවීන ළමා රෝහලක් පිහිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග සම්පාදනය කරන ලෙස ජනාධිපතිවරයාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී.ඒකනායක මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී තිබේ.

State

විදුලිබලය අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් පවතින අවශ්‍යතා සහ අභියෝග පිළිබඳව විදුලිබල මණ්ඩලයේ පාලක පද්ධතියේ ඉංජිනේරුවන් සමග සහ පාලන අධිකාරිය සමග හමුවක් පැවැත්විණි.

State

හරිත බලශක්ති ආර්ථිකයක් මගින් ඉදිරි වසර පහක කාලය තුළ ශ්‍රී ලංකාවේ ආර්ථිකය ජාත්‍යන්තර තලයට ඔසවා තැබිය හැකි පදනම නිර්මාණය කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ය.

State

ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් ඊ.එම්.එස්.බී. ඒකනායක මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාට දැනුම්දී දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

State

රට තුළ පවතින පවතින අර්බුදය හමුවේ ඒ සඳහා විසඳුම් ලබාදීමට නම් උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතන මගින් ධීවර කර්මාන්තයට නවීන තාක්ෂණය හඳුන්වා දීමට පියවර ගත යුතු බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

State

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත ක්‍රියාත්මක සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ වැඩසටහන සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ තොරතුරු සමීක්ෂණයට අදාළ දත්ත රැස් කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙන අතර එහි අවසන් දිනය මාර්තු 31 වන දා බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි.

State

මාර්තු පළමුවෙනිදා සිට හයිලෙවල් මාර්ගයේ ගමන් ගන්නා සියලුම මගී ප්‍රවාහන බස් රථ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය හරහා ගමන් කිරීම අනිවාර්ය බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

State
ලෝකයේ සිදුවන ස්වභාවික ආපදා අවස්ථාවන්හිදී හමුදා සාමාජිකයන් විදේශගත කිරීමේ ඒකකයට අමතරව සෞඛ්යය ව්යසනයන්හිදී ද හමුදා කණ්ඩායම් විදේශගත කිරීමට වෙනම ඒකකයක් ස්ථාපිත කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සඳහන් කළේය.
State

ගොවිජන සංවර්ධන පනත හා කුඹුරු ඉඩම් පනත කාලයට ඔබින පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ජනපති පෙන්වා දෙයි.

State
වරාය ,ගුවන් තොටුපොළ හා මගී ප්‍රවාහන සේවා හා ආශ්‍රිත සේවාවන් අත්‍යාවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ගැසට් නිවේදනයට අත්සන් කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදයක් නිකුත් කරමින් සඳහන් කරයි.
State

ඉන්දියාවේ ආනයනය කරන බිත්තර මිලියන 2ක් රැගත් නෞකාවක් අද (25) දිවයිනට ළඟා වීමට නියමිත බව වාර්තා වෙයි.

State

ලංකා විදුලිබල මණ්ඩලය සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීමට මෙතෙක් ගෙන ඇති පියවර සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ (28) විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සමග පැවැත්විණි.

State

 QR ක්‍රමය අප්‍රේල් 10 වැනිදා සිට අත්හිටුවීමට තීරණයක් ගෙන නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

State

ලංකා විදුලිබල මණ්ඩලයේ දීර්ඝ කාලින ජනන සැලසුම (2023-2042) සහ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ 2022 ජනවාරි 1 වනදා සිට 2023 ජනවාරි 31 දක්වා ඉන්ධන ආනයනය පිළිබඳව සවිස්තරාත්මක වාර්තාව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි .