Friday, February 06, 2026
Follow Us
මීපේ දකුණු ආසියානු පුහුණු සංවර්ධන මධ්‍යස්ථානයට නේවාසිකාගාර ගොඩනැගිල්ලක්

මීපේ දකුණු ආසියානු පුහුණු සංවර්ධන මධ්‍යස්ථානයේ රුපියල් මිලියන 200 වියදමින් ඉදි කළ නේවාසිකාගාර ගොඩනැගිල්ල විවෘත කිරීම අද (13) සිදු කෙරිණි.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නව ගොඩනැගිල්ල විවෘත කළ අතර එය කාමර 52කින් යුක්ත වන අතර අන්තර් ජාතික ප්‍රමිතීන්ට අනුකූල සියලු පහසුකම්වලින් සමන්විත ව නිමවා ඇත.

මෙම අවස්ථාවට ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ සහ බංග්ලාදේශ මහකොමසාරිස් තාරික් මුහම්මඩ් ආරිෆුල් ඉස්ලාම් යන මහත්වරු සහභාගි වූහ.

මීට සමගාමී ව මීපේ දකුණු ආසියානු පුහුණු සංවර්ධන මධ්‍යස්ථානයේ නිල වෙබ් අඩවිය දියත් කිරීම ද සිදු විය.