Friday, February 06, 2026
Follow Us
විදුලිය මිල දී ගැනීමේ නව මිල සුත්‍රය ගැන දැනුවත් කරයි

ඉදිරි විදුලිබල ජනන සැලසුම තුළ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති ආයෝජනයන් දිරිමත් කිරීම වෙනුවෙන් සහ ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පසුගිය සතියේ හඳුන්වා දුන් විදුලිය මිල දී ගැනීමේ නව මිල සුත්‍රය පිළිබඳව දැනුවත් කිරීමක් ඊයේ (10) සිදු විය.


විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.


නව විදුලිය මිල දී ගැනීමේ සුත්‍රය විදේශ විනිමය අනුපාතය, බැංකු පොළිය, උද්ධමනය, ආනයනය වියදම් ඇතුළු පරිමිතීන් උපයෝගී කර ගනු ඇත.
එම අවස්ථාවට මෙරට සියලුම පුනර්ජනනීය බලශක්ති සැපයුම්කරුවන්ගේ සංවිධානවල නියෝජිතයන්, විදුලිබල මණ්ඩලය, විදුලි පුද්ගලික සමාගම, සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇතුළු පුනර්ජනනීය බලශක්ති පාර්ශවකරුවෝ සහභාගී වූහ.