Friday, February 06, 2026
Follow Us
"සැමට හිමි බිමක්" තවත් අදියරක් බදුල්ලේ දී

"සැමට හිමි බිමක්" දිවයින පුරා සින්නක්කර ඔප්පු ලබාදීමේ වැවපිළිවෙළේ තවත් එක් වැඩසටහනක් පසුගියදා බදුල්ලේ දී පැවැත්විණි.

එය සංචාරක හා ඉඩම් අමාතය හරීන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර මෙම පියවර යටතේ සින්නක්කර ඔප්පු 110න් ලබාදී ඇත.

ඒ අනුව මේ පියවරේ දී සින්නක්කර ඔප්පු 110ක් ලබා දී ඇති අතර මේ අවස්ථාවට බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති නිලන්ත විජේසිංහ මහතා, විධායක අධ්‍යක්ෂ හරිස්ක සමරනායක හා බදුල්ල දිස්ත්‍රික් අධ්‍යක්ෂ නිමල් හතරසිංහ මහතා  සහභාගි වූහ.

මෙහි මීළඟ වැඩසටහන ගම්පහ දී පැවැත්වීමට නියමිතය.