Saturday, February 07, 2026
Follow Us
State

වසර පුරාම ශ්‍රී ලංකාව සංචාරකයන්ගේ ගමනාන්තයක් බවට පත් කරමින් සංචාරක ක්ෂේත්‍රය ප්‍රවර්ධනයට පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

State

පුනර්ජනනීය බලශක්ති ව්‍යපෘති කඩිනම් කිරීම සහ දිරිමත් කිරීම වෙනුවෙන් නව විදුලිය මිලදී ගැනීමේ සුත්‍රයක් හඳුන්වා දීමට පත් කළ කමිටුවේ සාමාජිකයන් සමඟ එහි අවසන් වාර්තාව පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ (21) සාකච්ඡා කර ඇත.

State
ඓතිහාසික මහනුවර නගරය විධිමත් ලෙස පුර්ණ සංවර්ධිත නගරයක් බවට පත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් මණ්ඩලයේ ඒකමතික අනුමැතිය හිමිව තිබේ.
State

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස අභිනවයෙන් තේරීපත් වූ විපක්ෂය නි‍යෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව අද (23) ප්‍රථම වරට රැස්විය.

State

ජාතික ආරක්ෂක මණ්ඩලය පාර්ලිමේන්තු පනතක් මඟින් නීතිගත කිරීමට හැකි වන පරිදි පනත් කෙටුම්පතක් සකස් රජය තීරණය කර තිබේ.

State

දෙස් විදෙස් ආයෝජකයන්ට වැඩි අවස්ථාවක් ලබාදීමේ අරමුණින් ආයෝජන සඳහා කඩිනමින් අනුමැතිය ලබා ගැනීමට හැකි වන ලෙස ආර්ථික කොමිසමක් පත්කරන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.

State

පාසල් සිසුන්ට නොමිලේ නිල ඇඳුම් ලබා දීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ 2023 අධ්‍යයන වර්ෂයට අදාළ නිල ඇඳුම් බෙදාහැරීම අද (23) අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් සපුගස්කන්ද ගබඩා සංකීර්ණයේ දී පැවත්වීණ.

State

වත්මන් බදු ප්‍රතිපත්තිය, සාමාන්‍ය බදු ප්‍රතිපත්තියක් නොව, ගලවා ගැනීමේ මෙහෙයුමක් බවත් මෙම ක්‍රියාවලිය කඩාකප්පල් වුවහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනට ඇතුළත්වීමට නොහැකි වෙනවා සේම ශ්‍රී ලංකාවට කිසිඳු විදෙස් රටක් සමඟ ගනුදෙනු කිරීමට අවස්ථාව නොලැබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

State

නව අධ්‍යාපන පරිවර්තන ක්‍රියාවලිය තුළ සාමාන්‍ය අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය මෙන් ම තාක්ෂණ අධ්‍යාපනය යන ක්ෂේත්‍ර තුනට ම ප්‍රමුඛ අවධානයක් යොමු කරන නිසා ලංකා ජර්මන් කාර්මික අභ්‍යාස ආයතනයට සුවිශේෂ ස්ථානයක් හිමි වන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

State

රාජකාරී විදේශ සංචාර සඳහා ගුවන් ටිකට්පත් මිල දී ගැනීමට රජයේ අරමුදල් භාවිත කරනු ලබන අවස්ථාවල දී අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු, අභියාචනාධිකරණයේ සභාපති සහ අභියාචනාධිකරණ විනිසුරුවරු හැර අනිකුත් සියලුම නිලධාරීන් පිරිමැසුම් පන්තියේ (Economy Class) ගුවන් ටිකට්පත් පමණක් මිල දී ගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දැනුම් දී තිබේ.

State

ශ්‍රී ලංකාවේ වාර්ෂික වී අස්වැන්න ඉහළ නැංවීම අරමුණු කරගනිමින් ඉදිරි වසර 10ක් තුළ හෙක්ටෙයර් එකකට ලැබෙන අස්වැන්න මෙට්‍රික් ටොන් 5.5ක් දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් සැලසුම් කර තිබේ.

State

සේවා තුනක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ති‌බේ.

State

2023 වර්ෂයේ පාසල් නිල ඇඳුම් බෙදා දීමේ ජාතික උත්සවය හෙට (23) පැවැත්වෙන බව අධ්‍යපාන අමාත්‍යාංශය සඳහන් කරයි.

State

ගුවන් ගමන් පාලකවරුන් මෙරට හැර යාම හේතුවෙන් ගුවන්සේවා ක්ෂේත්‍රයේ ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය නැති කිරීම සඳහා ගුවන්ගමන් පාලකවරුන් 50 දෙනෙකු වහාම පුහුණුව සඳහා බඳවා ගැනීමට කටයුතු කරන ලෙසට වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ගුවන් තොටුපල හා ගුවන්සේවා සමාගමේ සභාපතිවරයා ඇතුළු පාලන අධිකාරියට නියෝග කර ඇත.

State

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම සඳහා වන අයදුම් පත්‍ර කැඳවීම 2023 පෙබරවාරි පළමු වන දින සිට 2023 පෙබරවාරි 28 වන දින දක්වා මාර්ගගත
ක්‍රමය ඔස්සේ පමණක් මේ වන විටත් සිදු කරමින් පවතින බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි .

ඒ් අනුව 2023 පෙබරවාරි 28 වන දින මධ්‍යම රාත්‍රී 12 න් පසුව මෙම විභාගය සඳහා අයදුම් කළ නොහැක.

එම දින මධ්‍යම රාත්‍රි දොළහෙන් පසුව මාර්ගගත ප්‍රවේශය වසා තබනු ලබන අතර කිසිඳු හේතුවක් මත අයදුම් පත් බාර ගැනීමේ දිනය වෙනස් කිරීමක් සිදු නොකරන බව අවධාරණය කර සිටි.

එබැවින් අවසාන දිනට පෙර අයදුම්පත් යොමු කිරීම අනිවාර්යය බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

327661 1

State
රට ආර්ථික අර්බුදයෙන් ගොඩගෙන, වසර 25කින් “සංවර්ධිත රටක්” ගොඩනැඟීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ සමඟ එක්වන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සියලුදෙනාට ආරාධනා කළේය.
State

ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ මග පෙන්වීම යටතේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව මගින් කොළඹ කොටුව සිට වග දුම්රිය ස්ථානය දක්වා සුඛෝපභෝගී සති අන්ත විශේෂ දුම්රියක් “සීතාවක ඔඩිසි” (9255/9655) ධාවනයට එක් කර ඇත.

State

පළාත් පාලන ඡන්ද විමසීමේ මුද්‍රණ කටයුතු සම්බන්ධයෙන් රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි ලියනගේ මහත්මියගේ අත්සනින් නිකුත් කර ඇති එම නිවේදනය නිකුත් කර ඇත.

එය පහත සඳහන් පරිදි වේ .

 

1 pp 2.