Friday, February 06, 2026
Follow Us
2024 රාජ්‍ය ආයතනවල වෙනසක්

2024 මාර්තු සිට රාජ්‍ය ආයතනවල ක්‍රියාත්මක කිරීමට නියමිත විද්‍යුත් ගෙවීම් ක්‍රමවේදය සම්බන්ධයෙන් මෙරට සියලු රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු ප්‍රධානීන් දැනුවත් කිරීම පසුගියදා (12) ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ දී පැවැත්විණ.


ඒ තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතාගේ ප්‍රධානත්වයෙනි.
මෙම අවස්ථාවට තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය නෙරංජන් ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීහු හා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ නිලධාරීහු සහභාගි වූහ.