Saturday, February 07, 2026
Follow Us
State

නව තැපැල්පති ලෙස එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී. සත්කුමාර මහතා පත් කෙරේ

State

අද (08) සිට ක්‍රියාත්මක වන පරිදි සෑම අඟහරුවාදා මධ්‍යම රාත්‍රියකම ජාතික ඉන්ධන අවසරපත්‍ර QR කෝටාව සතිපතා අලුත්වනු ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

State

කොළඹ වැලිකඩ බන්ධනාගාර පද්ධතිය නවීන පහසුකම්වලින් සමන්විතව හොරණ මිල්ලෑව ප්‍රදේශයේ ස්ථාපිත කිරිමට පියවර ගෙන ඇති අතර එහි ඉදි කිරීම් සම්බන්ධව මේ වන විට පවතින තත්ත්වය හා පවතින ගැටලු පිළිබඳව විමසා බැලීමේ විශේෂ සාකච්ඡාවක් පසුගියදා අධිකරණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදි පැවැත්විණි.

State

වගා කන්න 03කට පසුව වී වගාව සඳහා අත්‍යවශ්‍ය මඬ පොහොර හෙවත් TSP- Triple Super Phosphate මෙට්‍රික් ටොන් 36,000ක් සහිත පොහොර නැව මෙම මස 17 කොළඹ වරායට පැමිණීමට නියමිතය.

වී වගාවට අවශ්‍ය පොස්පරස් හා පොටෑසියම් මෙම පොහොර භාවිතය මගින් ලබා ගත හැකි වන අතර එම ඛනිජ ද්‍රව්‍ය පසුගිය කන්න කිහිපයක් තුළ හිඟවීම නිසා වී වගාවේ නියමිත අස්වනු ලබා ගැනීමට පවා නොහැකි විය. එමෙන්ම මෙවර මහ කන්නයේ දී ගොයම් කහ වීමේ රෝගයට පවා පොස්පරස් හා පොටෑසියම් ඌනතාවය බලපාන ලද බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කළේය.

 

2021 මහ කන්නයට පෙර හෙක්ටෙයාර් එකකින් වී මෙට්‍රික් ටොන් 4.1ක් වැනි අස්වනු ප්‍රමාණයක් ලබා ගත්ත ද පොස්පරස් හා පොටෑසියම් වැනි ඛනිජ ද්‍රව්‍ය සහිත පොහොර ගොවීන්ට නොලැබීම නිසා හෙක්ටෙයාර් එකකින් ලැබෙන වී අස්වැන්න මෙට්‍රික් ටොන් 2- 2.5 දක්වා පහත වැටිනි.

මේ නිසා මෙම මස 17 දින මෙරටට ලැබෙන මඬ පොහොර වගාවට අවශ්‍ය සමස්ත නිර්දේශිත ප්‍රමාණයම ගොවීන්ට නොමිලයේ ලබා දීමට තීරණය කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

 

යල කන්නයේ වී වගා කළත් නොකළත් එහෙත් 2022/23 මහ කන්නයේ වී වගා කළ ලක්ෂ 12ක් පමණ වන සියලු ගොවීන්ට මෙම මඬ පොහොර ලබා දීමට පියවර ගෙන ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.
එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ ආධාර මත මෙම මඬ පොහොර තොගය ලබා දී තිබේ.

වී වගා කන්න 03කට පසු වී වගාවට අවශ්‍ය සියලු රසායනික පොහොර මෙවර යල කන්නයේ දී ගොවීන්ට ලබා දීමට සැලසුම් කර තිබේ. ඒ අනුව මඬ පොහොර (TSP) , බන්ඩි පොහොර ( MOP) හා යුරියා පොහොර ගොවීන්ට පහසුවෙන් ලබා ගැනීමට අවස්ථාව සළසා තිබේ.

බන්ඩි පොහොර කිලෝග්‍රෑම් 50ක මිටියක් පසුගිය මහ කන්නයේ දී රුපියල් 19,500ක මුදලකට ලබා දුන්න ද මෙවර යල කන්නයේ දී එම පොහොර පැවැති මිලට වඩා සැළකිය යුතු මුදලකින් පහත දැමීමට රජය මේ වනවිට තීරණය කර ඇතැයි ද අමාත්‍යවරයා ඊයේ (08) අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදී සඳහන් කළේය.

State

කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර දීම  තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ඊයේ (07) ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

State

දකුණු පළාතේ කරන්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටා ඇති කරන්දෙනිය කර්මාන්ත පුරයේ කර්මාන්තකරුවන්ට පවතින ගැටලු පිළිබඳව සාකච්ඡා කර විසඳුම් ලබාදීමට කර්මාන්ත හා වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතා කටයුතු කර තිබේ.

State

චීන රජය මගීන් 2023 පාසල් වර්ෂය සඳහා මෙරටට ලබා දිමට තිබු නිල ඇඳුම්වල අවසන් තොගය ඊයේ (08) නිල වශයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට භාර දී තිබේ.

State

ලංකාවේ කඩා වැටුණු ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ජාත්යන්තර මූල්ය අරමුදලේ නියෝජිතයන් ප්රසාදය පළකර ඇති බවත් ඉදිරියේදී ජාත්යන්තර මූල්ය අරමුදලේ පළමු වාරිකය නිදහස් කිරීම සම්බන්ධයෙන් යහපත් ප්රතිචාර ලැබෙනු ඇති බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානි සාගල රත්නායක මහතා පැවසීය.

State

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළට සමගාමීව විදුලිබල මණ්ඩලයේ ඉහළ පාලන අධිකාරිය දැනුවත් කිරීම සහ යෝජනා ලබා ගැනීම වෙනුවෙන් හමුවක් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ කමිටු සාමාජිකයන් සහ විදුලිබල මණ්ඩලයේ සභාපති, සාමාන්‍යධිකාරීවරයා, අතිරේක සාමාන්‍යධිකාරීවරුන් සහ ප්‍රධාන මූල්‍ය කළමනාකරු ඇතුළු ඉහළ නිලධාරීන් සමග පසුගියදා පැවැත්විණි.

State

නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් සිහින් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

State

ලබන ජූලි මාසය වනවිට හෝ ඊට පෙර ජනතාවට බස් ගාස්තු සහනයක් ලබා දිය හැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි.

State
මෙරට ගොවි ජනතාවට නොමිලයේ බෙදාදීම සඳහා චීන රජය විසින් පරිත්‍යාග කල  ඉන්ධන බෙදාහැරීමේ නිළ උත්සවය ශ්‍රී ලංකාවේ චීන තානාපති  Qi Zhenhong  මහතා  සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) ත්‍රිකුණාමලය කුච්චවේලි ඉන්ධන පිරිවුම්හලේදී පැවැත්විණි.
State

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් පසුගිය දිනවල උද්ගත වූ ගැටලුකාරී තත්ත්වයන් සහ මාධ්‍ය ඔස්සේ පළ වූ ඇතැම් වාර්තාවන් පිළිබඳවත්, දෙපාර්තමේන්තුවේ වත්මන් තත්ත්වය පිළිබඳව ඊට සම්බන්ධ සියලු පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කැඳවා තිබුණි.

State

අයහපත් කාලගුණ තත්ත්වය නිසා සිදුවූ ගල් සහ පස් කඳු කඩා වැටීම හේතුවෙන් මහනුවර  - මහියංගනය 18 වංගුව මාර්ගය ඊයේ (03/04) දින සිට තාවකාලිකව වසා දැමීමට පොලීසිය විසින් පියවර ගන්නා ලදි.

State

පවතින ඉන්ධන අර්බුදය සහ මූල්‍ය ගැටළුවලට විසඳුමක්‌ ලෙස විදුලියෙන් ධාවනය වන පරිසර හිතකාමී රථවාහන මෙරට ධාවනයට එක් කිරීම ප්‍රවර්ධනය කිරීමේ සංකල්පය ප්‍රවාහන මහා මාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කෙරිණි.

State
• ආසියානු කලාපයේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් දිනා දීමට ශ්රී ලංකාව පෙරමුණ ගත යුතුයි.
• ශ්රී ලංකාව අසිරුතාවට මුහුණ දුන් අවස්ථාවේ ඉන් ගොඩ ඒමට සහාය දුන් පිරිස අතර ලොව කාන්තාවන් තිදෙනෙකු සිටිනවා.
ජාත්යන්තර කාන්තා දින සැමරුම් ජාතික උත්සවයේ දී ජනපති පවසයි.
State

උමා ඔයෙන් ව්‍යාපෘතිය යටතේ කරදගොල්ලේ ඉදිවන මෙගාවොට් 120 ක භුගත ජල විදුලි බලාගාරයේ කටයුතුද මේ වන විට අවසන් අදියරට පැමිණ තිබෙන අතර එය එළඹෙන ජූනි මාසයේදී පමණ විවෘත කිරීමේ හැකියාව පවතී.

State
ත්රිකුණාමලය තෙල් ටැංකි පද්ධතිය නැවත සක්රීය කොට ජාතික ආර්ථිකයට එක් කිරීමේ කඩිනම් වැඩපිළිවෙළ ක්රියාවට නංවන ලෙස ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා විෂයභාර අමාත්යවරයාට සහ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.