රත්නපුර කුරුවිට - ඵරත්න ශ්‍රී පාද මාර්ගයේ සීත ගඟුල හරහා ඉඳි කළ නව මඟී පාලම පසුගියදා ජනතා අයිතියට පත් කරනු ලැබීය.
සබරගමු පළාත් මාර්ග අමාත්‍යංශය මඟින් මේ සඳහා රුපියල් මිලියන තිහක්(30) ක් වැය කර ඇත.
අඩි 60 ක් දිගට, අඩි 5ක් පළලට මෙම පාලම ඉදි කර ඇත.
මෙම අවස්ථාවට සබරගමුව පළාත් මාර්ග අමාත්‍යංශයේ ලේකම් සංජීව ගොඩැල්ලවත්ත, සැලසුම් අධ්යක්ෂ රුවන් ප්‍රේමරත්න, විධායක ඉංජිනේරු සමන් වේරහැර යන මහත්වරුන් ඇතුළු පිරිසක් ඵක්ව සිටියහ.