ශික්ෂණලාභි ගුරුවරුන් බඳවා ගැනීම සිදු කර තිබෙන්නේ පවතින ක්‍රමවේදයට අනුව බවත්, ක්‍රමවේදයේ පවතින අඩුපාඩු හේතුවෙන් පැනනැගී ඇති ගැටලු විසඳීමට අවශ්‍ය කටයුතු සිදු කරමින් තිබෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
විපක්ෂය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අද (20) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙසේද කීය.
සේවයේ සිටින ගුරුවරු විශ්‍රාම යාම නිසා පාසල් පද්ධතියේ පවතින ගුරුපුරප්පාඩු, දුෂ්කර ප්‍රදේශවල පවතින විෂය විවිධත්වය යන කරුණු සියල්ල සලකා බලා විෂය මට්ටමින් ගුරු පුරප්පාඩු ගණනය කර විද්‍යාපීඨ මට්ටමින් එකවර බඳවා ගැනීමට පවතින පහසුකම්ද සලකා බලා තමයි ශික්ෂණලාභින් බඳවා ගැනීම තීරණය කරන්නේ. පසුව ඒ පිරිස ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව හිමිකර ගැනීමෙන් පසු විද්‍යාපිඨ අවසන් වසර විභාගයේ ප්‍රතිඵල අනුව බඳවා ගැනීමේ පදනම සලකා රජයේ පාසල් වල ගුරු පත්වීම් ලබා දෙනවා. දිස්ත්‍රීක්, පළාත් සහ ජාතික මට්ටමින් බඳවා ගත්තද පත්වීම් ලබා දීමේදී අදාළ ප්‍රදේශයේ පුරප්පාඩු නොමැති නම් වෙනත් පළාත් සහ දිස්ත්‍රීක් වෙත යොමු කරනවා. බඳවා ගන්නා ගුරුවරුන් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමට එකඟ විය යුතුයි කියලා විද්‍යාපීඨ බඳවා ගැනීමට අදාළ අති විශේෂ ගැසට් පත්‍රයේ ඇතුළත් කර තිබෙනවා. ඒ වගේම ශික්ෂණ ලාභින් ඉල්ලුම් කළ විෂයට අදාළ පුරප්පාඩු ඒ පළාත්වල නොමැතිනම් දිවයිනේ එම පුරප්පාඩු පවතින වෙනත් ප්‍රදේශවලට ශික්ෂණ ලාභින්ගේ කැමැත්ත මත යොමු කර තිබෙනවා. මේ පුරප්පාඩු පිරවීමේදී ප්‍රශ්න මතුවෙලා තිබෙනවා. ඒකට හේතුව පවතින ක්‍රමවේද අනුගමනය කරලා අපි සිදු කළත්, බඳවා ගැනීමේ හා පුරප්පාඩු සොයා ගැනීමේ ක්‍රමවේදයේ පවතින ගැටලු නිසා මේ තත්වය ඇතිවෙලා තිබෙන්නේ. මේ වන විට අධ්‍යාපන අමාත්‍යංශය මෙම ගැටළු හදුනා ගනිමින් ඒවා නිවැරදි කරන්නට අවශ්‍ය කටයුතු සිදු කරමින් යනවා. 2020 සහ 2022 කණ්ඩායම ඔවුන්ගේ එකඟතාව මත ගුරුපත්වීම් සඳහා මෙසේ බඳවාගෙන තිබෙන්නේ. නමුත් අපි යෝජනා කරන්නේ ලබා දී තිබෙන පත්වීම් භාර ගන්න. පසුව යම් ක්‍රමවේදයකට අනුව හෝ ස්වකැමැත්ත මත ස්ථාන මාරු සිදු කරගන්න. ගුරුවරුන්ගේ පැත්තෙන් මෙන්ම පාසැල් දරුවන්ගේ පැත්තෙනුත් අපිට බලන්න වෙනවා. දකුණේ ඉදන් උතුරට පත්වීම් ලැබුණ අයත් ඉන්නවා අපි දන්නවා. අවුරුදු අටක් එකම තැන සිටින ගුරුවරුනුත් ඉන්නවා මේ ගැටලු සියල්ල හදුනාගෙන ඇති බවත්, ගැටලු නිරාකරණය කරන්න කටයුතු කරමින් යන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.