ශ්‍රී ලංකාවේ ප්‍රථම මී මැසි උද්‍යානය බිංගිරිය, විහාරගම BLESS Nature Park හිදී ( බිංගිරිය දේවගිරි රජමහා විහාරය අසල ) පසුගිය දා විවෘත කෙරිණි.
එහි කළමනාකරණ මණ්ඩලයේ සභාපති , බිංගිරිය දේවගිරි රජමහා විහාරාධිකාරි රාජකීය පණ්ඩිත පූජ්‍ය පඩිවෙල සෝරත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර ශ්‍රී ලංකාවේ මී පැණි අවශ්‍යතාවය සඳහා දැනට විදෙස් රටවලින් පවා මීපැණි මෙරටට ගෙන්වන අතර ශ්‍රී ලංකාව මී පැණිවලින් ස්වංපෝෂිත කිරීම මී මැසි උද්‍යානයේ ප්‍රධාන අරමුණයි.
බිංගිරිය මී මැසි පාලන උද්‍යානය අනාගතයේදී ශ්‍රී ලංකාවේ ආධුනික සහ ප්‍රවීණ මී මැසි පාලකයින්ට අවශ්‍ය වන තාක්ෂණික දැනුම, පුහුණුව ලබාදීමට සැලසුම් කර තිබෙන අතර ආධුනික මී මැසි පාලකයින්ට අවශ්‍ය වන තාක්ෂණික දැනුම, පුහුණුව, තාක්ෂණික උපකරණ, ලිපි ලේඛන, පොත්පත් සියල්ලම මෙම ස්ථානයේදී ලබා ගැනීමට හැකියාව පවතී.
මෙහි ප්‍රථම අදියර යටතේ වනාන්තරය පුරා ශාකවල මැටි කලගෙඩි රඳවන අතර එම කලගෙඩිවලට පැමිණෙන මී මැස්සන් පෙටිට් ගත කිරීම දෙවන පියවර යටතේ සිදු වේ.
තුන්වන පියවර ලෙස මී මැස්සන් බෝ කිරීම හා සංරක්ෂණය කරනු ලබයි.
බිංගිරිය මී මැසි පාලන උද්‍යානය අනාගතයේදී දෙස් විදෙස් සංචාරක තෝතැන්නක් බවට පත් වනු ඇත.